
සුවඳකුත් නෑ ලස්සනකුත් නෑ පරවෙච්ච බෝගන්විලා මලක් හුළඟට ගහන් ඇවිත් කාමරේට අහිංසක විදිහට බලන් හිටියා උදේ පාන්දර ලස්සනක් නැති මට කවුද ආදරේ ළඟට ගියාම ඇහුවෙ මගෙන් හිමිහිට හුළං තිබ්බෙ නැත්තන් තාම මන් ගහ යට ලස්සන නැති උනත් විසි කරන්නෙ හිතුනෙ නෑ මට මේසෙ උඩින් තිබ්බ මම බලන් හිටියා ගොඩක් වෙලාවක් හුළං තිබ්බෙ නැත්තන් පරවෙලා යයි එතනම දැන් අගේට ඉන්නවා මේසේ උඩ දෛවය කියන්නේ ඒකටද මලෙන් ඇහුවා මම හෙමිහිට