Posts

Showing posts from February, 2017

අත්තම්මා

Image
සිනිඳු වැහි පොද පොළොව සිපගෙන දුම් වළ රැලි අහස් කුස වෙත යනෙන වේලෙක දහවලට පෙර මුණ ගැසුනි ඇය අහම්බක් ලෙස කළුම කලු වුනු වත කමල දෙස ඇසි පියන් නොහෙලා බැලූ මට ඇගෙ දෙනෙත් වල තිබු ඒ තතු කවි කරන්නට සිතුනි හනිකට රතුම රතු කට කොනක් දල්වා දත් නොමැති හකු තදට අල්වා විට පිරුණු දිව කොනට කරවා හිනා වුනි ඈ ඇසුත් හොල්වා රෙද්දෙ හැට්ටෙට ගැලපෙනා ලෙස ලොකු පබළු ඇට මාලයක් ගෙල සරසවා ගෙන වළලූ අත්වල මිණි හඬක් දෙයි කනම පිනවන එකක් දහයයි තුනක් විස්සයි මිටිය පනහයි ගොඩ හතලිහයි වරෙන් නංගියේ වරෙන් මල්ලියේ පුතේ බලහන් ඇවිත් බලහන් කඩ පෙළක් ඇත හැමදේම ඇති උයන කඩ සහ ඇඳුම් සිල්ලර මැදක වූ පොඩි ඉඩක අස්සේ ඇගේ මහමෙර තබා ඇත්තේ ලෑලී හතරක් පහක් ඇති එහි පෝර උර සහ ඉටි රෙදිද ඇත විකුණනා එළවලු පහ හයක් එහි තබා ඇත ඇගේ බංකුවම ළඟ හිරුට නොපෙනේ වැහිද නොම වේ සෙනඟ පැමිණේ ඇය සිනහා වේ මුළු දවස ඇගේ එහෙම ගත වේ අතට කීයක් හරිත් පැමිණේ හවස යන විට නැවත ඇය ඇත තනිවමත් නොව තව කෙනෙකු ඇත අතේ එල්ලී පුංචි පැටියෙක් දඟ කරයි ඈ යනෙන හැම තැන පසුව විපරම් කලෙන් මාහට ඇසුනේ දුක්බර කතාවක් මට ඇගේ දියණිය ඇයත් තනි කොට පුතුත් ත