Posts

Showing posts from July, 2017

ඉස්පිරිතාලෙදි

සිවිලිම දිහා බලන් ඉන්නවා හැර වෙන කුමක් කරන්නද මම දහක් මිනිසුන් එතේ ඇඳන් වටා රොක් වෙතේ මම පමනක් ජනේලයෙන් ඈත අහසේ වලාකුළක රටා මවනවා හිතෙන් "ඉක්මනට යනවනම් මේ පැය" "කරකවන්න පුළුවන් කටු ටික" හිත හිතා හිත හිතා ඉන්නකොට මම වෙලා පැය දෙකක් ගිහින් දැන් නිදිමතත් වැඩි වෙලා බඩගිනිත් වැඩි වෙලා ඇස් පියෙන වෙලාවේ "ආවේ නැද්ද කවුරුත්" "ආ මේ ඇපල් ගෙඩිය" ඇඳ එහා මනුස්සයා උස් හඬින් දොඩවයි "බඩගින්නක් නෑ තාම" "එයි දැන් කවුරුහරි" නොඑන බව දැන දැනම ලැජ්ජාව වැඩි හින්දා බොරු කියන්නට වුනා නැගිටින්න පණ නැතත් බඩගින්න වැඩි නිසා ඇඟ පතත් උස්සගෙන අද්දමින් කකුල් දෙක පැත්තකට ඇවිද ගොස් ටැප් එකට කට තියා බඩ පුරා වතුර බී බඩ පුරෝගෙන ආවා "දැන් නෑනේ බඩගිනි" "බඩ පිරිලා හොඳටෝම" ඇඳට විත් ආයෙමත් හැඩගැහිලා ඉන්නවා ඊළඟ පැයේදි හොයන්නට අහසේ දැකපු නැති රටාවන්..