අක්බාර් හාදුව
එකෝමත් එක දවසක මීට අවුරුදු හතරකට පෙර හඳ හොඳට පායා තිබුනු රෑ වෙලාවක වලේ කෙලවරක තුරුලු වීගෙන සීතලට අත් පටලවාගෙන බැලුවෙ අපි මනමේ නාට්‍යය ඉවර වී සියල්ලෝ විසිර යත් පැටලුනු අපේ අත් වෙන්වී වෙනම යත් මාර ගස් මැයි ගස් අතරින් ගිහින් ගොස් සියල්ලෝ එක්කම පාලමට සැපත් වෙත් හඳ එළිය එන්නේ හන්තාන දෙසින්මයි සීතලට එන සුළං මූණු අපේ සිප ගනියි පාලමේ බිත්තියට පිට තබාගෙන අත් දෙකත් ඇන තබා බලන් ඉන්නේ ඉතුරු වෙන තුරු අපේ හිත් රෑ දොළහ පහු වෙලා පැය බාගෙකුත් ගිහින් තාම අපි ඇන තබා කොඳුරනවා කෙටි කතා සියක් ගානින් සෙනඟ දෙපැත්තට යති එති ඒ දිහා බල බලා ඉන්නවා ළඟට වී කවුරුත්ම නැති වෙලේ දෙපැත්තම බල බලා මගෙ අතයි නුඹෙ අතයි ආයෙමත් පැටලුනේ... පාලමේ බිත්තියෙ තිබුනු රළු මතුපිටේ රළු ගතිය එහෙම්මම නුඹෙ අතේ මතු උනේ හන්තානෙන් එන සීතල සුළං රැලි මුහුනෙ වදිනා විටෙක සුළං රැල්ලක් වගේ නුඹේ තොල් පෙති ඇවිත් මගෙ මුහුණෙ හැම තැනම තෙත් උනේ විටින් විට හරියටම පාලමේ මැද උන්න අපි දෙන්නා වම් පැත්ත ඒ ඇසුත් දකුණු පස මගෙ ඇසුත් මුරකලේ ඇස් අරන් අපේ තොල් පෙති එකට කතා කරනා ගමන් හිමිහිට "අන්න එනවා ...