Posts

Showing posts from August, 2016

පරණ ගෙදර

Image
 මේ ග්‍රීස්මෙට වතුරේ බැහැලා හිටියත් මදි වගේ.ඇග පුරාම දාඩිය ගලන හින්දත් ෆැන් එක එක තැන කැරකුනත් මම ෆැන් එක වටේ කැරකුනත් කිසිම සනීපෙකුත් නැති හින්දත් ඕන එකක් වෙයන් කියලා ඇරලා දැම්මා ජනේලේ.මාව මොහොතකට ගල් ගැහුනේ වලාකුලු වලින් ලාවට වැහුනු හඳ දැකලා.වෙලාව රෑ දොළහට ලං උනත් හොදටම එලියයි හතර වටේම. මට එක පාරටම හිතට ආවේ අපේ පරණ ගෙදර.කටු මැටි ගහපු, වරිච්චි බැඳපු, බිමට ගොම ගාපු, වහලෙට පොල් අතු හෙවිලි කරලා තිබ්බ ගෙදර.ඒ කාලේ ගෙදරට ලයිට් අරන් තිබ්බ නැති හින්දා හඳ එලිය කියන්නේ අපො නිතරම විඳපු දෙයක්. අපිට අළුත් අළුත් දේවල ලැබෙද්දි පරණ දේවල් අමතක වෙන එක ඉතින් පුදුමයක් නෙමේ.දැන් ඕ භූමිතෙල් වලට වෙලා තියෙන්නෙත් ඒකම තමා.ඒ කාලෙනම් අපි කියන්නෙම ලාම්පු තෙල් කියලා.ගෙදරටම තිබ්බේ ලාම්පු තුනක් විතර මන් හිතන්නේ.එක චිමිනි ලාම්පුවකුත් තිබ්බා කියලා මතකයි.ඕවායේ තිර හදන එකයි තෙල් දාන එකත් හරි පරිස්සමට කරපු දේවල්.මොකද ඉතින් තෙල් හැලුනොත් රෑට කළුවරේ ඉන්ඩ වෙන හින්දා.ඒ ලාම්පු වලින් ආපු මලානික එළියයි තෙලුයි දැළියි එකතු වෙලා ආපු නාහේ කඩන් යන සුවඳයි තාමත් මට මතකයි. බිමට ගාපු ගොමත් තාමත් කකුල් වලට දැනෙනවා වගේ.හරිම