Posts

Showing posts from January, 2017

මල්

Image
ඉස්සර, ඒ කියන්නේ මීට අවුරුදු පහලොවකට විස්සකට විතර කලින් තමයි මුලින්ම දහම් පාසල් යන්ඩ පටන් ගත්තේ.මුල්ම දවසේ ගියේ අක්කා එක්ක.මට මතක විදිහට එදා සෑහෙනඩ ඇඬුවා මම.පන්සිල් ගනිද්දි මම අක්කා ළඟට දුවගෙන ගියා.ගෑණු ළමයි ඉන්න පැත්තේ ඉඳන් තමා එදා පන්සිල් ගත්තේ.ඔහොම ගිහින් ටික දවසකින් පුරුදු උනා තනියම උනත් යන්ඩ. ඉස්සර මුල්ම කාලේ ගියේ ඉස්කෝලෙට අඳින ඇඳුම ඇඳගෙන.ඔක්කොම ළමයි ගියේ එහෙම.ඒ වෙන ඇඳුමක් ගන්ඩ ඕනේකමක් තිබ්බේ නැති හින්දා වගේම ලොකු වත්කමක් තිබ්බේ නැති හින්දත්.සමහර දවස් වල සෙරෙප්පු නැතුව පවා ගියා.මන් විතරක් නෙමේ ගොඩක් අය ආවා ඒ විදිහට.අවුරුදු කීපයක් ගියායින් පස්සේනම් දහම් පාසලෙන්ම කිව්වා සරමයි කමිසෙයි ඇඳගෙන සෙරෙප්පු දාලා එන්ඩ කියලා. මන් කියන්ඩ හදන්නේ ඒ ගැන නෙමේ.මාතෘකාව තමා මල්.දහම් පාසල් ගෙනියපු මල්.ඒ මල් වටා ඇති උන කතා තියෙනවා ඕනේ තරම්.ඒවා මල් තරම්ම සුන්දරයි.සමහර විට ඊටත් වැඩිය සුන්දරයි. මුලින්ම මල් අරන් ගියේ අක්කා කඩලා දුන්න මල්.අක්කා කඩන්නේ රෝස, අරලිය, වතුසුදු වගේ මල්.ඒවා රටාවකට හදලා අතටම දෙනවා අරන් යන්ඩ කියලා.ඉතින් දහම් පාසලේදී මල් අත ගස්සනකොට අක්කා පිටිපස්සෙන් යනවා මල් ටිකත් අරන්.පොඩි කාලේ ති