Posts

Showing posts from May, 2017

මහ වැහි

වෙසක් මාසේ කියන්නේ හැම අවුරුද්දෙම ලොකුම වැහි වහින මාසේ.අප්‍රේල් බක් මහ අකුණුත් එක්ක එන වැස්සට පස්සේ එන මෝසම් සුළං එක්කම වැස්ස වහිනවා වැස්ස එපා වෙනකන්ම.යල මහ දෙකම වපුරපු කාලේනම් ඕ වැසි කාලේ වෙනකොට මුළු වෙල් යායම පොඩි පොඩි ගොයම් පැළ වලින් වැහිලමයි තියෙන්නේ.අඩි බාගයක් විතර උස ගොයම් පැළ උඩින් හුළං හමන් යනකොට මුළු වෙල් යායෙම, සිලි සිලි ගාලා සද්දයකුත් දාගෙනම රටාවක් මවන් ගොයම් පැළ ටික හෙල්ලිලා යනවා.වැස්ස හිමිහිට තිබ්බොත් යන්තන් ගස් මුල වැහෙන තරමට වතුර.පොඩ්ඩක් වැඩියෙන් වැස්සොත් උඩට පේන තරමට වතුර.හයියෙන්ම වැස්සොත් ගොයම් පැල පොව්වන තරමට වතුර.ඒ කාලෙට වතුර බහින්නේ වක්කඩෙන් විතරක් නෙමේ.නියර උඩිනුත් වතුර දානවා.අතරින් පතර පුරණ් උන කුඹුරක් එහෙම තිබුනොත් මුළු කුඹුරම වතුරෙන් යට වෙනවා.සුන්දරයි කියලා හිතුවට එක දිගට දවස් දෙක තුනක් වැස්ස අල්ලලා හිටියොත් ඇළෙන් එන වතුර පාරට වැලි හෑරෙන හින්දා කුඹුරෙන් බාගයක්ම වැල්ලෙන් යටවෙනවා.වක්කඩවල් ළඟත් එහෙම්මමයි.මොනා උනත් ඕ වහින වැස්ස තමා ආයේ මාස කීපයකට පොළවට අල්ලලා තියෙන්නේ. අප්‍රේල් අවුරුදු වෙනකන් හොඳ වැස්සක් වැටුනේ නැත්තන් ඒ කන්නෙට කුඹුරු වපුරන්න බැරි වෙනවා.එතකොට අතරින