Posts

Showing posts from October, 2017

කැරපොත්තෝ

Image
මම ඇහැරුනේ අත දිගේ ඇබිත්තන් ඇඹලයි පැටියෙක් ගිය හින්දා.බෝරිච්චි අතේ වාටියෙන් අතට බැහැලා ඌ අත දිගේ පහලට යනවා.ඊට පස්සේ වැලමිට ළඟින් අතින් බැහැලා දුව දුව ගියේ මැසිම කෙළවරෙම කලින් තේ බොනකොට ගත්ත හකුරු කෑල්ල තිබ්බ දිහාවට.හකුරු කෑල්ල තිබ්බ තැන දැන් තියෙන්නේ හරිම පොඩි පැණි බිංදු තුන හතරක් විතරයි.ඒ වටේට ඇඹලයි ඉන්නවා හත් අට දෙනෙක්ම.අතින් බැහැලා ගිය එකත් ගිහින් එකතු උනා උනුත් එක්ක.මම තාමත් අත් මැසිම ළඟ අතක් දික් කරගෙන ඒ අත උඩින් ඔළුවත් තියාගෙන මේවා දිහා බලන් ඉන්නවා.නැගිටලා තේ කෝප්පෙත් අස් කරලා ඉතුරු වැඩ කරන්න තිබ්බත් හිතට තිබ්බේ නෑ කිසිම ආසාවක්.වෙලාව තාම එකොළහටවත් නෑ මන් හිතේ.විනාඩි පහක් එහෙම්මම හිටපු මන් කෝප්පෙත් අරන් ගියා කුස්සියට. අම්මා පොල් ගානවා හිරමනේ ඉඳගෙන.මට පුදුම ඇයි පොල් ගාන සද්දේ කාමරේට ඇහුන් නැත්තේ කියලා."අම්මගේ චීත්තේ මහ මහ ඉඳලා එහෙම්ම නින්ද ගිහින්.ඇයි කතා නොකලේ.තාත්තා එනවත් නැතෑ දැන්." මන් කලෙන් වතුර ටිකක් කෝප්පෙට නමාගෙන කෝප්පෙ හෝඳන් මිදුලට වතුර ටික විසි කරන ගමන් අම්මට කිව්වා." එනවනම් එද්දෙන් ඉතින්, ආයේ ඉතින් මටත් කරන්න පුළුවන් ඉක්මනට තමා මාත් කරන්නේ...උඹලව කුස්සියට