Posts

Showing posts from August, 2018

ශ්‍රී ලංකන් ඩැනිෂ් ගර්ල්ස්

Image
වෙලාව පහට විතර තියෙන්න ඇති. මම හිටියෙ වැව රවුමේ ඇවිද ඇවිද. අව්වත් නැති වැස්සත් නැති අමුතුම අඳුරකින් නුවර අහස වැහිලා ගිහින්. වළාකුළු අස්සෙන් යන්තන් ඉර එළිය වැටෙනවා. වැව දිහා බලන් ඉන්න මට වතුරට එක පැත්තකින් ගෑවි නොගෑවි වැටෙන කහ පාට ඉර එළිය වතුරෙ යන්තන් වැදිලා මගෙ ඇස් වලට වැටෙනවා. ඒ අතරෙදි වතුරෙ උඩ පැන පැන ඉන්න මාලු ඒ ඉර එළියෙන් චුට්ටක් ඩැහැගෙන ආයේ වතුර යටටම යනවා. ඈත ඉඳන් පොඩි ළමයිනුයි ලොකු අයයි ඔක්කොම තරඟෙට මාළුන්ට පොරි දානවා. මාලු පොර කකා පොරි කන්න කට දික් කරන්නෙ හරියට අපි බස් එකෙ හොඳට හිර වෙලා යද්දි කොන්දොස්තරට සල්ලි දෙන්න අත දික් කරනවා වගේ. උන්ට අපිට වඩා කෑම හම්බ වෙනවනෙ කියලා හිත හිතා මාලුවො දෙන්නෙක් තුන්දෙනෙක්ටයි එතන හිටිය තව ළමයෙකුටයි කට අග්ගිස්සෙන් හිනා වෙලා එතන තිබ්බ පඩි දෙක තුනකුත් බැහැලා ආවේ පාර පයින්න කහ ඉර ගාවට. ඉරිදා හින්දද කොහෙද නුවර පිරෙන්නම සෙනඟ. මිනිස්සු තරම්ම වාහනත් තියෙනවා. මිනිස්සු එක එක ජාතියෙ ඇඳුම් ඇඳන්, හිනා වෙවී කතා කර කර ඇවිදිනවා හතර වටේම. ඒ අතරෙ සමහර අය සාප්පු වල දොරවල් ළඟට වෙලා මේකට යනවද නැද්ද කියලා හිත හිත හිමිහිට ඇතුළට ඔළුව දානවා. ඒ අතරින් ඕනේනම් එක්කෙනෙක