Posts

Showing posts from October, 2018

යක්කු

Image
"ඔන්න හිඟන්නා එනවා. අක්කා මට ඉස්සරහින් කිය කිය දිව්වා. මම පිටිපස්සෙන් කෑගහගෙන දුවන් එනවා. අක්කා ගෙදරට ඇවිත් වැහුවා දොර. මම එළියෙ ඉඳන් මර ලතෝනී තියනවා. පස්සේ අම්මා ඇවිත් අක්කට බැනලා දොර අරිනවා. මම ගැන ගිහින් අක්කට බනිනවා. " මේ මම පොඩි කාලේ හැමදාම වෙන දෙයක්. හැන්දෑවට කඩේ ගිහින් කළුවරේ ඉද්දි අක්කා බය කරනවා මාව. ඒ කාලේ හිඟන්නට තමා මම බයම. අම්මා මට කියලා තිබ්බේ එහා ගමේ ළමයි දෙන්නෙක්ම කෑම කන්ඩ බෑ කිව්ව හින්දා හිඟන්නෙක් ඇවිත් ගෝනියකට දාගෙන ගියා කියලා. ඉතින් ඒ තරම්ම පොඩි කාලේ නොවුනත් සෑහෙන කාලයක් වෙනකන්ම මම හිතුවෙ ඒක ඇත්ත කියලා. වෙලාව හවස හය පහු වෙලා. තාම හත උනේ නැති උනාට සෑහෙන කරුවලක් තිබ්බෙ. මම බස් එකෙන් බැහැලා ගෙදර යන්න හැදුවේ. වෙනදා ත්‍රීවීල් එකක යන මට අද හිතුනෙම පයින් ගියානම් හොඳයි කියලා. ඒ ඇඟට ලොකු මහන්සියක් තිබ්බේ නැති හින්දා වෙන්න ඇති. මම ත්‍රීවීල් නවත්තලා තියෙන හරියෙන් යද්දි හැම ත්‍රීවිල් එකකින්ම ඔළුව ගානේ ආවා එළියට. මම යන්තන් හිනා වෙලා ඔළුව පොඩ්ඩක් නැමුවේ අද මම පයින් යනවා කියලා දන්වන්න. ඒ අයත් ඒ සැනෙන්ම ආයේ ඉස්සරහ බලා ගත්තා. මමත් ඕවායේ යන තවත් එක මිනිහෙක් විතරක් නේද කි