කනේරු
"අක්කෙ අම්මා කතා කරනවා" මල්ලි දුවන් ඇවිත් කාමරේ දොර රෙද්ද වහලේ ගෑවෙන්න තරමට උඩට විසි කරලා මට කතා කලා. මම හිටියෙ ඇඳේ අනිත් පැත්තට දිගා වෙලා පොතක් කියව කියව. ඔලුව යන්තමට හරෝලා "හා එන්නම්" කිව්ව මම ආයේ කලේ පොත කියවන්න පටන් ගන්න එක. ඔළුව කෙලින්ම ඉස්සුවාම ඉස්සරහින් ඈතින් තියෙන්නෙ වෙල පල්ලෙහා. ඈතට ඈතට පේනවා. ඊට කලින් තියෙන්නෙ පහල වැටට වගේ හිටෝලා තියෙන පුවක් ගස් ටිකයි ඊට කලින් තියන ලොකු අඹ ගස් දෙකයි. චුට්ටක් වෙලා බලන් ඉන්නකොට මට පෙනුනේ කපුටු ජෝඩුවක් ළඟට වෙලා ඉන්න හැටි. අහලා තියෙන විදිහටනම් එක කපුටෙක් මැරුනාම අනිත් කපුටා ජීවිත කාලෙම තනියෙන් ඉන්නවා කියලා. ඇත්තද බොරුද දන්නෙ නෑ. මට පෙනුනේ උන් දෙන්නා සතුටින් ආදරෙන් ඉන්නවා කියලා විතරයි. විනාඩි කීපයක් ඇතුලේ උන් දෙන්න පියාඹලා කොහෙදෝ ගියා. උන් ගස් වලට වැහිලා නොපෙනිලා යනකන් මම බලන් හිටියා. ජනේලේ ළඟම හින්දා වෙලේ ඉඳන් එන හුළං අඹ ගස් දෙකේ වැදිලා කෙලින්ම එන්නේ මගෙ කාමරේට. කාලෙකින් වැස්සේ නැති හින්දා ඒ හුළං හරි වියළියි. මගෙ තොල්පටත් වේලිලා ගිහින්. පොත කියවන එක පැත්තක තියලා මම යන්න හැදුවේ කුස්සියට වතුර ටිකක් බොන්න. එතකොට තමා මතක් උනේ ...