වතුර බෝතලය
මට මතක් කරන්න පුළුවන් ඒ අදුරු දවස.මම එතකොට දෙකේ තුනේ වෙන්ඩ ඇති.සමහර විට එකේද මන්දා.ඇත්තටම කිව්වොත් ඒ කාලේ මට තිබුනේ නැහැ ඉස්කෝලේ අරන් යන්ඩ වතුර බෝතලයක්.මම අනිත් ළමයි අරන් එන පාට පාට වැඩ දාපු එක එක වර්ගයේ වතුර බෝතල් දිහා බලන් ඉන්නවා.පොඩි කාලේ උනාට තරමක් දැනුමක් තේරුමක් තිබුනේ නැත්තෙමත් නෑ.ඊටත් වඩා අත්දැකීමෙනුත් දන්න හින්දා මම දන්නවා කවදාවත් අම්මාගේන් ඉල්ලුවට ඒවායින් එකක් අරන් නොදෙන බව.ඉතින් මාත් ඒ දිහා බලන් හිටියා මිසක් කිව්වේ නෑ ඕ වගක් කාටවත්.මතකයි ළමයෙක්ගේ වතුර බෝතලයක් ආසාවට ඇල්ලුවා කිය්ලා මට හොදටම බැන්නා.දන්නේ නැද්ද ඉතින් පොඩි කාලේ කවුරුත් එහෙමනේ.නමුත් ඒ වගේ වෙලාවකට හිතට දැනෙන දුක,සිතුවිලි විස්තර කරන්න අමාරුයි.උගුර හිර වෙන ගතියක් දැනෙනවා.කකුල් වෙව්ලන්න ගන්නවා.උණුසුමකුත් එක්කම ලොකු සීතලකින් ගත හිරි වැටිලා යනවා.මොනා කියලා කරන්ඩද ඉතින්. ඔන්න එක දවසක් මට වතුර බෝතලයක් ලැබුනා.ඒ අක්කගෙ පලවෙනි පඩියෙන් කියලා යාන්තමට මතකයි.ඕ කියන කඩේ තිබුනේ ගෙදරට ටිකක් එහා පැත්තෙන් පල්ලමේ වෙන්ඩ.පල්ලැහෑ කඩේ කියලා තමා කිව්වේ.දැන්නම එතන ලොකු ගෙයක් හැදිලා.ඉතින් අක්කා එක්ක වෙනදත් මම කඩේ යනවා.ඒ උනාට අක්ක යන්ඩ එන්ඩ ...