හත්දින්නත් තරු
මම හිටියේ බැල්කනි එකට වෙලා නුවර ටවුන් එක දිහා බලාගෙන හිටියේ උණුවට තිබ්බ තේ එක බොන ගමන්. දවල් ඉඳන් තිබ්බ වැස්ස පායලා හින්දා ඈතින් ඈතින් යන්තන් මීදුම වගේ තියෙනවා තැන තැන. අත දිග් කරලා තේ කෝප්පේ අහස දිහාට කලාම දුම් යනවා පේනවා තේ එකෙන්. ඒ දුම් කැරලි හයියෙන් උඩට ගිහින් හුළඟට අහු වෙලා මීදුමට එකතු වෙනවා. මම කල්පනාවේ නිමග්න වෙලා ඉන්න ඒ වෙලාවේ ඇඟ ගැස්සිලා තේ එකෙනුත් ටිකක් බිමට වැටුනේ ප්‍රියන්ති කන් ළඟටම ඇවිත් කතා කරපු හින්දා. "කන් ඇහෙන්නෙ නැද්ද අනේ. කී පාරක් කතා කලාද ? " එක අතක් මගේ ඉණ වටේ යවලා අනික් අත පපුවෙන් තියපු ප්‍රියන්ති එයාගේ ඔළුව හෙමිහිට මගෙ උරහිස්සෙන් තිබ්බා. මම බැල්කනියෙ යකඩ වැටට හේත්තු වෙලා තාමත් අහස දිහා බලාගෙන. "අද ඉන්දික කතා කලානෙ. ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ කිව්වා.." මම තේ එක යකඩ වැට උඩින් තියාගෙන ප්‍රියන්ති දිහා බැලුවේ ඒ වෙලාවේ. "ෂිඃ.. මොකද කිව්වෙ පොර ? මගෙ ෆෝන් එක ඕෆ් උනානේ. තාම බෑග් එකේ. චාර්ජ් කරන්න ඕනේ.." "ලබන මාසේ ලංකාවට එනවලු. ඇවිත් නුවර එනවලු. අපි ඉන්නවද කියලා අහන්නලු කතා කලේ..මන් කිව්වා ඉතින් ඉන්නවා කියලා. ඔයාට කෝ...