Posts

Showing posts from April, 2020

කරපිංචා

Image
වේලාව හවස හතර පසුවී ගොස්ය. පහළ මළුවේ සක්මන් කරමින් සිටි සෝරත තෙරණුවෝ බුදු කුටිය ඇති ඉහල මාල දෙසට ඇති පඩිපෙල නගින්නට පටන් ගත්තෝය. කුරුළු ජෝඩුවක් ශබ්ද නඟමින් බෝධිය දෙසට පියඹා ගියේය. බිම බලාගනිමින් පඩි හතරක් උඩට නැගි උන්වහන්සේ ඉතිරි පඩි කිහිපයට ඉහල ඇති මළුව දෙස බැලුවේ පන්සලේ සුදු පූසා තෙරණුවෝ එනතුරු බලාසිටිමින් ශබ්දයක් නැගූ නිසාවෙනි. ඌ පඩිපෙලේ අත් වැටේ දැවෙටෙමින් විටෙක මළුව දෙසත් තවත් විටෙක තෙරණුවෝ දෙසත් බලයි. සෝරත තෙරණුවන්ට මෙය පුදුමයක් නොවන නිසා නැවතත් බිම බලා ඉතිරි පඩි කීපය නැග අවසන් කලෝය. උන්වහන්සේ උඩට එත්ම පූසා තෙරණුවන්ගේ කුටිය දෙසට ඇවිදන් යන්න පටන් ගත්තේය. "ශාන්ත.. උඹටත් ඉතින් වෙන වැඩක් නැහැනේ.. වරෙන් මාත් එක්කම යන් එහෙනම්.." තෙරණුවෝ ඒ සුදු පැහැ විශාල බළලාව එක් අතකින් ගෙන දරුවෙක් හරහට ගන්නා සේ උරයේ තබා ගත්තෝය. ශාන්ත පන්සලට පැමිණියේ මීට මාස කීපයකට පෙරය. ඒ සමඟ සිටි බැළලී පන්සලේ බල්ලා විසින් මරා දැමූ හෙයින් ශාන්තිනී නම් වූ බැළලී මාස දෙකකට කලින් නැති උනේය. එදා සිට සොරත තෙරණුවන්ගේ දුකටත් සැපටත් සිටියේ මේ බළල් තඩියා වේ. ඌ එන්න එන්නම මසගොබ දමමින් ඇඟ ලොකු වෙන්නේ හාමුදුරුවන්