Posts

Showing posts from September, 2020

රතු කිරිබත්

Image
එ ළියෙ වහිනවා හොඳටම. ටිකක් විතර දියසෙවෙල් බැඳුනු කාලෙත් එක්කම පරණ වෙලා ගිය වීදුරු දාපු ජනෙල් පියනෙන් යන්තන් එළියෙ වතුර බිංදු වැටෙනවා පේනවා. ඇඳට වෙලා කොට්ටෙ බිත්තියට හේත්තු කරන් අත් දෙක එකතු කරලා ඔළුවට පිටිපස්සෙන් තියන් මම ඔහේ බලාගෙන ඉන්නවා. රස්නයක් නැති උනත් සීලිං ෆෑන් එක හෙමිහිට කැරකෙනවා. මම එහෙම්ම ඇඳෙන් නැගිටලා ගියෙ ජනේලෙ ගාවට. ජනෙල් දෙක ඇරලා එළිය බලනකොට තමා දැක්කෙ හිතනවට වඩා ලොකු වැස්සක් තමා වහින්නේ කියලා. දෙවැනි තට්ටුවෙ ඉන්න හින්දා හුළං එක්කම වැහි බිංදු එනවා කාමරේට. මම මූණට වැටුන වතුර බිංදු දෙක තුනක් අතින් පිහදැම්මෙ පොඩ්ඩක් සීතල දැනුන හින්දා. කට කට ගාලා සද්දේ දාන ෆෑන් එකත් ඕෆ් කරලා මම ලෑස්ති වෙන්න ගත්තේ වාට්ටුවට යන්න. මේ පාර අප්‍රේල් අළුත් අවුරුද්දට වාට්ටුවෙ නතර  වෙන්න උනේ මට. ගෙදර යන්න ඕනේ කමක් තිබ්බත් අවුරුදු ඕන තරම් මග ඇරිලා තියෙන හින්දා බෑ නොකියා නැවතුනා මේ පාරත්. මම ලැහැස්ති වෙලා නලාවත් කරේ දාගෙන බැස්සේ පහළට. මඟක් යද්දි තමා කුඩේ මතක් උනේ. ආයෙමත් ඒකත් අරන් වැස්සෙම එළියට අඩිය තිබ්බා. පොඩි පොඩි වතුර පාරවල් එකතු වෙලා ලොකු වතුර පාරවල් වෙලා බහිනවා පහළට. ඔක්කොම් වතුර එන්නේ වෛද්‍ය නි