Posts

Showing posts from 2021

සුළං

Image
ඒ එක්දාස් නමසිය හැත්තෑ පහේ දෙසැම්බර් මාසේ. මාසේ ඉවර වෙන්නත් ළඟයි. බස්නාහිර පැත්තෙන් එන හීතල හුළං ඉස්සරහා වත්තේ තියෙන සපු ගස් පේලියේ වැදිලා ආයේ ඊට මෙහායින් තියෙන උස දෙල් ගහෙත් වැදිලා ගේ මිදුලෙම තියෙන කොළ බාගයක්ම වැටිලා තියෙන උගුරැස්ස ගහේ වැදිලා අන්තිමටම එන්නේ ඉස්සරහා දොරෙන් සාලෙට. ඒ එන හුළං වලින් හතරෙන් පංගුවක් පැත්තක තියෙන පියන් තුනේ ජනේලෙන් එළියට යනවා. ඉතුරු ටික ගේ මැද්දෙන් ගිහින් කුස්සිය පැත්තෙන් එළීයට යනවා. ඒ යන අතරෙදි දොරවල් නැති දොර රෙදි විතරක් දාලා තියෙන කාමර දෙකේ දොර රෙදි පොඩ්ඩක් කාමරේ පැත්තට වෙන ව්දිහට උස්සනවා. හුළං ටික එහෙම ගියාම ආයේ හුළං පාරක් එන්න කලින් උඩට ඉස්සුන දොර රෙදි දෙක ආයෙම තිබ්බ තැනටම එනවා.  ඔහොම ඉඳලා ආයෙම උඩට විසි වෙනවා. මම මේ ඔක්කොම සාලේ ඉස්සරහම පුටුවට වෙලා බලන් ඉන්නවා. හැමදාමත් වෙන්නේ එකම දේ උනත් බලන් ඉන්නේ කවදාවත් උනේ නැති ගානට. හවස හයටත් ළඟයි. දොර ඇතුලෙන් එන හුළං එන්න එන්න සීතල වෙනවා. හුලං එන පාරක් පාරක් ගානේ අඳුර අහුරකුත් ඒ ගමන්ම එනවා. මම නැගිට්ටේ පානක් පත්තු කරන්නයි ජනෙල් ටික වහලා දාන්නයි. අත් දෙක පුටු ඇඳේ දෙකේ තියලා පරිස්සමට නැගිට්ටට නැගිට්ට හදිස්සිය හින්දා