Posts

Showing posts from March, 2021

දූවිලි

Image
 එදා සෙනසුරාදා දවසක්. ෆැකල්ටි එකට යන්න තිබ්බෙත් නැති හින්දා නිදාගත්තා ටිකක් උදේ වෙනකන්. අටට විතර නැගිටපු මම කෙලින්ම ගිහින් කාමරේ තිබ්බ පොඩි බැල්කනියට යන දොර ඇරලා බැල්කනියේ වනලා තිබ්බ රෙදි අතරින් රිංගලා යකඩ වැටේ අත් දෙක තියාගෙන ඉස්සරහා බලා ගත්තා. කලින් දවසේ රෑ නමයත් පහු වෙලා හෝදපු රෙදි දැනටම වේලිලා. මම යකඩ වැටෙන් අත් දෙක දෙපැත්තට කරලා තියලා පොඩ්ඩක් වැටටත් හේත්තු උනා. මම ඉන්නේ තුන් වෙනි තට්ටුවේ. මට කෙලින්ම ඉස්සරහින් තියෙන්නෙ හතර වෙනි තට්ටුව ගානන උස ගිය කැටකෑල ගහක්. කපුටො දෙන්නෙක් පොරකනවා ගහ අස්සේ ඉඳන්. උන් දඟලනකොට ගහේ ඉතුරු වෙලා තියෙන කොළ කීපයෙන් දෙක තුනක්ම නටුවෙන් ගැලවිලා කැරකිලා ගිහින් පහල බොරළු පිරිච්ච මිදුලට වැටුනා මම බලන් ඉද්දිම. මාස ගානක් තියෙන පෑවිල්ල ළඟකදිනම් ඉවර වෙන එකක් නෑ කියලා මට හිතුනා ඒත් එක්කම. කැටකෑල ගහ අතු එහෙට මෙහෙට ගිහින් ලොකු වෙලා තියෙන්නෙ ළඟකදි කියලා දැක්ක ගමන්ම පේනවා. මම අත දිග කරලා අත්තක් අල්ලන්න හැදුවත්, මාව වැටෙන්න ගියා මිසක් අත්ත අල්ලන්න පුලුවන් උනේ නෑ. මම ගහේ මුල ඉඳන් උඩට බලාගෙන ඇවිත් ගහෙන් උඩටත් ගිහින් අහස දිහා බැලුවා ඔළුව පුළුවන් තරම් උඩට කරලා. ගහ මුලම තිබ්