Posts

Showing posts from March, 2022

පැණී තේ

Image
මම හිටියේ බස් එකේ ජනේලෙට ඔළුව තියාගෙන හේත්තු වෙලා . බස් එකේ වම් පැත්තේ ඉන්න මට පාරේ එහා පැත්තේ හැමදේම පේනවා . බස් එක හෙමින් යද්දි වටේම හෙමින් යනවා . හයියෙන් යද්දි වේගෙන් හැමදේම පස්සට යනවා . කන් දෙකෙන්ම සිංදුවක් අහගෙන ඔලූව ෂීට් එකටයි ජනේලේ වීදුරුවටයි බර දීලා ඒ හැමදේම බලාගෙන ඉන්නවා . බස් එක යන්නේ පාරේ වැනි වැනි . වංගුවක් ගන්න හැම වෙලවෙමයි වාහනයක් ඉස්සර කරන වෙලාවටයි ඔළුව වීදුරුවෙනුයි ෂීට් එකෙනුයි ඉස්සරහටයි පැත්තටයි ඇවිත් ආයෙම තිබ්බ තැනටම යනවා . ඒ යන්නේ පොඩි රිදිල්ලකුත් ඇති කරගෙන .  තප්පරෙන් තත්ත්පරයට එළියෙන් එන හුළඟටයි ඇඟ ඇතුලෙන් තිබ්බ මහන්සියයි හින්දා සැරින් සැරේට මගෙ ඇස් පියවෙනවා . ඒත් තත්ත්පර පහක් යන්නත් කලින් ආයේ පියවි සිහියට එනවා . මම ආයෙම හරිබරි ගැහිලා ඉඳගන්නවා . ඔහොම කොච්චර වෙලා ගියාද කියන්න මතක නෑ . කඩුවෙලයි මාලබේයි පහු කලා කියලා මතකයි . බත්තරමුල්ලෙන් ගියා වගෙත් ලාවට මතකයි . පැයක් විතර නින්ද ගිහින් හිටපු මම ඇහැරුනා එක පාරටම . බස් එක සෙනඟ බහින්න හින්දා නවත්තල