Posts

Showing posts from July, 2022

භූමිතෙල් ලාම්පු

Image
පෝය ළඟ තිබ්බ හින්දා තාම රෑට හඳ එළිය හොඳට තියෙනවා . ඈතින් පේන පොල් ගස් වල මුදුන් වලට පොඩ්ඩක් උඩින් හඳ පායලා තියෙනවා ලොකුවට . බැබලි බැබලි තියෙනවා හතර වටේම එළි කරගෙන . හඳ එළිය හින්දා වෙනදට පේන තරු එකක්වත් නෑ හද තියෙන මායිමකවත් . හොඳට බැලුවොත් හඳ තියෙන පැත්තට කෙලින්ම එහා පැත්තෙ පොල් ගස් වල ගෑවී නොගෑවි තියෙන අහස මට්ටමේ එක තරුවක් දෙකක් හොයාගන්න පුලුවන් . හඳ සත පනහේ කාසියක් තරමට ඉඳන් පොල් ගස් අස්සෙන් උඩට එනවා . හඳ වටේට තීයෙන රැස් වළල්ල හඳ වගේ හතර පස් ගුණයකටත් වඩා ඈතට විහිදෙනවා . මම හොස්පිටල් එකේ ගේට්ටුවෙන් එළීයට ඇවිත් පාර පැනලා බෝඩිමට ඇවිදන් එන ගමන් . තරු දෙක තුනක් යාන්තමට පේන්න තිබ්බ පැත්තෙ ඉඳන් එන සුළං රැලි කීපයක් මගේ ඇඟේ වැදිලා මාව පහු කරන් ගිහින් පොල් ගස් අස්සෙනුත් ගිහින් හඳ දිහාට විසි වෙලා යනවා . ඒ ගිහින් තත්ත්පර කීපයක් යන්න කලියෙන් ආයෙම ඒ සුළං රැළිම මගෙ පැත්තට ඇවිත් මගේ ඇඟේ වැදිලා මාව පහු කරන් පිටිපස්සට යනවා . මම හැරිලා බැලුවේ නැති උනාට මට හිතුනේ