Posts

Showing posts from November, 2016

තාත්තාගෙන් චූටි පුතුට

Image
ගහක කොළක මිහිර විඳපු ඇලේ දොලේ පැනපු නටපු පිඳුරු ගොඩේ රසය විඳපු මිනිස්සු අපි එකල හිටපු රුකත්තන මල් පිපිච්ච දෙවැට දිගේ මල් වැටිච්ච මීමැසි බඹරුන් පෙනිච්ච මිනිස්සු අපි ලොව දැනිච්ච සෙල්ලම් කර බෝට්ටුවෙන් මඩ තවරන් ආසාවෙන් වක්කඩ ළඟ වතුර වලෙන් අපි නෑවේ පනිට්ටුවෙන් කැලේ පැනලා ගස් හොයලා ගෙවල් හැදුවෙ උඩ නැගලා පොල් අතු ගෙන අපි වියලා හෙවිල්ලුවෙත් උඩ නැගලා බඩ ගින්නට අඹ කාලා තැඹ්ලි බිව්වේ අපි කඩලා බඩගිනි ආයේ දැනිලා බත් කෑවේ අපි උයලා පාට පාට සමනල්ලුයි කීචී බීචී කුරුළු කොබෙයි චූටි චූටි කූරු කැලයි නීල නීල මාළු වැලයි අහස උඩින් වැටුන බිංදු වහලෙ කොනෙන් වැටුන බිංදූ කෙහෙල් කොළෙන් වැටුන බිංදු ඇහිලුවෙ අපි වතුර බිංදු දේදුනු පායපු කන්දට අපි දිව්වේ හනි හනිකට ඇහිලුවේ අපි වැටුන පාට පනින් ගෙතුව වට්ටියකට ඕලූ නෙලා ගන්ඩ ගිහින් මඩේ එරුනේ දණට උඩින් ඕලූ නටුව කඩන් මුලින් ආවේ අපි නියර උඩින් කලක් ගිහින් අපිට හොරෙන් අපිත් ගිහින් කලට හොරෙන් ලොවත් නිදලා අපිට හොරෙන් අපිත් නිදලා ලොවට හොරෙන් පුතේ වරෙන් දොළ බලන්ඩ ගිහින් නියරෙ දුව පනින්ඩ මලක් කඩන් ඉඹ බලන්ඩ වරෙන් පුතේ වෙලේ යන්ඩ කන්දේ ගොහින් දං කඩන්ඩ එනවද උඹ යන්ඩ එන්ඩ ගියොත්

"උඹට මහමුහුදේ රළ ගොඩ ගහන්නා වගේ හරියන්ඩ ඕනේ."

ඉස්සර දෙරණ එෆ්එම් එකේ ගියා වැඩසටහනක් "හීන ඇහිදින යාළුවෝ" කියලා.තාම තියෙනවද දන්නේනම් නෑ.ඉරිදා රෑ හතේ ඉඳන් නමය වෙනකන් තමා තිබුනේ.මන් සිකුරාදට ගෙදර ගිහින් ආයේ පේරාදෙණියට එන්නේ ඉරිදා රෑ මාතර ඉඳන් එන කෝච්චියේ.කෝච්චිය ගම්පහට හය හමාරට වගේ ඇවිත් පේරාදෙණියට එනකොට නමය වෙනවා.ඒ හින්දා එහෙමත් දවසක ඇරෙන්න අනික් හැමදවසකම මේ වැඩසටහන අහන්ඩ බැරි උනා.පස්සේ දෙරණ එෆ්එම් වෙබ් සයිට් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග්ස් ගොඩාක් මට හම්බුනා යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඉතින් මේ වැඩසටහනට මගේ පුදුම විදිහේ කැමැත්තක් තිබුනා.උපුල් ශාන්ත සන්නස්ගල තමා වැඩසටනට එන්නේ.වාසනා කියලා නිවේදිකාවක් තමා වැඩසටහන කලේ.දවසකට ගීත කිහිපයක් අරගෙන ඒවාට පොඩි විචාරයක් දෙන එක තමා මේ වැඩසටහනෙන් කලේ.ඒවා විවිධ තේමාවල්, විවිධ ගායකයෝ සහ විවිධ සංගීත රටාවන් සහිත ගීත.ඒ වගේම සමහර දවස් වල ඉංග්‍රීසි, දෙමළ සහ හින්දි ගීතත් ප්‍රචාරය උනා. සන්නස්ගල මහත්තයගේ ජීවිතේ තිබුනු විවිධාකාර වු අත්දැකීම් ගීතයේ විචාරයටත් ඔහු යොදා ගත්තා.දවසක් ඔහු තමාගේ "අම්මා" නැමැති කෘතිය එළි දක්වපු දවසේ ඔහුගේ අම්මා ගැන කියලා තිබුනා.ඒ වගේම පාසැල් ජීවිතය, විශ්වවිද්‍යාල ජීවිතය, රැක