Posts

Showing posts from August, 2017

කේක්

Image
ඒ දෙදාස් දාහතේ මැයි මාසේ විසිඅට වෙනිදා, දුවගේ අවුරුද්දේ උපන් දිනේ.ඉරිදා දවසක් උනත් ගෙදර ඉන්න උනේ උදේ ටික විතරයි.ඊට පස්සේ ආයෙමත් පාරේ.මිනිස්සු හතර වටේ ඇවිදිනවා, පොරකනවා, කෑ ගහනවා, ඒ අතරේ තව කවුරු හරි රණ්ඩු වෙනවා.ඕවා බල බල ටවුමේ එහෙට මෙහෙට යන මට එකම මිනිහා තුන් හතර පාර හම්බවෙනවා.සතියටම නිවාඩුවකට කියලා තියෙන්නේ ඉරිදා උනත් එදාටත් නිදහසක් නැති හැටි කියලා ඒ හැම වෙලේම හිතුනත්, මන් හැර මේවා වෙන කවුරු කරන්නද කියලා හිතුනාම අර පරණ සිතුවිලි ඔහේ මැකිලා යනවා මට හොරෙන්ම.කොහොම හරි උදේ දහයට ගෙදරින් ආපු ගමන තුන වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරගන්න පුළුවන් උනා.දාඩිය පෙරාගෙන, කමිසේ ඇඟට අලෝගෙන, දූවිලි කාගෙන ඉන්නකොට මට හිතෙන්නේ මේ මම නෙමේ වෙන මනුස්සයෙක් කියලා.ඔහොම වැඩ ඉවර කරගන්න වෙලේ තමා මතක් උනේ දුවගේ බර්ත්ඩේ කේක් එක ගේන කියලා උදේ ගෙදරින් එනකොටම නයෝමි කිව්වා කියලා.හරි තැන ආයේ ගෙදරට කෝල් කරලා අහගෙන කඩේ වහන්න ඔන්න මෙන්න තියලා කේක් එක ගන්න පුළුවන් උනා.ඔක්කොම කාර් එකට දාගත්ත මන් තව පොඩ්ඩක් ට්‍රැෆික් එකටත් අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියන් ආවා ගෙදර. දුව ඇවිදින්න පටන් අරන් සති දෙකක් විතර ඇති.ඒත් තාම වැටෙනවා.ගේට්ටුව අරි

නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට

මතකද හරියටම අවුරුද්දකට කලින් අද වගේම දවසක පිරුනු නැති හඳ නුවර වැව උඩ තියෙනකොට අපි වැ ව් බැ ම් ම උඩ අත් අල්ලගෙන ගිය හැටි මාළිඟාවට ඇවිද යනකොට දැනුනෙ මට යුද්දෙ අවසන් කරපු රජ ලෙස සීතා ගෙන ආ රාවණා ලෙස ඇවිත් මුල්ලක් හොයන් ඉඳගෙන කණට මිමිණුව හීනී මී පොද තවත් රැව් දෙයි සවන් තුල මගේ වැ ව් බැ ම් ම උඩ ඉන්න මා හට කස ගසද්දී බය වෙච්ච විට මට තුරුල් උන පුංචි සඳ නුඹ සඳ තියෙයි අද අහසෙ වැව උඩ එදා වාගෙම එළිය දීගෙන මට එළිය දුන් පුංචි සඳ නුඹ අදත් ඇත නුඹ එළිය දීගෙන මටම නොවුනත් කාට හරි වෙන ඇවිත් යනවානම් අදත් නුඹ ළඟ නැතත් මට බලන්නට හරි මගෙ කඳුළු නුඹ දකීවී හැංගිලා ඉන්නම් කොහේ හරි හද මගේ හඬ නගාවී නුඹට ඒ හඩ ඇසේවී බෙර හඬන විට මම හඬන්නම් එවිට ඒ හඬ මැකේවී හරිම පාළුයි පෙරහැරම අද ඇයි කියලා මට නොතේරෙයි ඇත්තු හිටියද නොදනිමී මම ඉන්න ඇති යැයි සිතුවෙමී මම ඔබේ සුවඳම පැතූ මාහට කොප්පරා දුම් ඉතුරු උනි අද හඬන්නට මට කඳුළු නැත සිතන්නට මට ඉඩක් නැත ඔබේ මතකය පිරුනු සිත මගේ දැවි දැවී අද නිවි නිවී යයි නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට වළාකුළු බැම්මට