පරවුනු පොහොට්ටු
මලක් නැතුවට සොඬින් අරගෙන නුඹත් ආවේ හීනෙකින්මයි රැජිණ නොවුනත් ලොකු රාජ්ජෙක හොයන් ආවේ මගේ කුසමයි ලොවම දිනු ලෙස දැනුනෙ මාහට කුසට ආ බව දැනගත්ත දා සිට පාරමි පුරමින් හිටියෙ මම නුබට මව වෙන දිනය එනතුරු පාට පාටින් ඇඳුම් පොඩි පොඩි එකතු වෙනවා ටිකෙන් ටික දිලිසෙනා මුතු පබළු වැල්දම් ගෙතෙනවා දැන් එකින් එක අඩිය තියනා වරක් පාසා මතක් වෙන්නේ නුබ ගැනයි ගැස්සෙනා හැම හුස්ම ගානේ දැනෙන්නේ මට නුඹ තමයි නුබේ සූකිරි පොඩි දෙපා වැදෙනවා මට දැනෙනවා රිදෙනවාදැයි සිත සිතා සිතත් මගෙ තැති ගන්නවා මාස ගණනක් ගෙවී ගෙන ගොස් මාස නමයක් පිරෙනවා නුබව දකිනා දිනය එන බව දැනෙනකොට හිත පිරෙනවා දඟල දඟලා ඉන්න නුබ මට මැවි මැවී දැන් පෙනෙනවා නුබේ අක්කයි අයියා දෙන්නම තිය තියා අත් බලනවා දිනක් හවසක කණකොකෙක් වහලය උඩින් පියඹා ගියා හිතුවෙවත් නැති වෙලාවක උබ දඟලන්නේ නැති වී ගියා මාස නමයට සතියකට පෙර උබ අපිව දාලා ගියා ඒ සතිය ඇයි ඉන්න බැරි උනෙ දුකින් හිත මගෙ දා ගියා ළමයි අඬනා සද්දෙ ඇහෙනවා උබ වගේමයි මගෙ පුතේ කිරි එරිලා මගෙ පපුව පිරිලා දුක තරමටම මගෙ හිතේ ඇඳුම් පොඩි පොඩි ගෙදර ඉඳගෙන උඹව අහනවා මගෙ පුතේ උබේ...