Posts

Showing posts from March, 2020

කරච්චි

Image
"පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති. මේ වන විට කරච්චි නුවර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ප‍්‍රභූවරුන් වෙඩි නොවදින මෝටර් රථ භාවිතා කිරීමට පෙළැඹී ඇතැයි ද වාර්තා වේ. මිලියන 18 ක පිරිසක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙරය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.." මේ ලංකාදීප පත්තරේ කරච්චි නුවර සිදු වෙන දේ ගැන ලියා තිබූ සටහනක්. දවස් ගානක් එක දිගට වැඩ කරලා විවේකයක් හම්බ උන දවසේ හවස තේ එකත් බොන ගමන් මන් පත්තරේ කියවන්න පටන් ගත්තෙ. කරච්චි නගරයේ මේ ලිපිය කියවද්දි මට මුළින්ම මතක් උනේ ලංකාවේ තිබ්බ යුද්දෙ ගැන. යුද්දේ කාලේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බෙ නැතත් යුද්දේ ඉවර වෙන කාලෙනම් අපි හැමවෙලේම අවදියෙන් හිටියෙ. මුලින් යුද්දෙ ගැන හිතුන හින්දා කියෝන එක නවත්තලා ඇස් දෙක පියාන ඒ කාලේ ගැන මතක් කලා මම ටිකක්. මතක් කරගෙන යද්දි පොඩ්ඩක් හිත තැති ගත්තත් ද

දේවතා එළි

Image
ඉස්කෝලේ නිවාඩු දීලා දවස් කීපයක් ගත උනා විතරයි . නිවාඩුවට කලින් කරන්නම් කියලා හිතන් හිටිය සෑහෙන දේවල් කරගන්න බැරි වෙන විදිහක් තමා දැනිලා තිබුනේ මට. මොනා උනත් දරුවො දෙන්නව ගමට එක්කන් යන එකනම් කොහොම හරි කරන්න ඕනේ කියන එකනම් ස්ථීරවම හිතේ ඇඳිලා තිබ්බා. හවස හතරට විතරට සාලෙට වෙලා නිමන්ති හදලා දුන්න තේ එක බිබී මම මතක් කලේ පොඩි කාලේ අපි ඉස්කෝලේ නිවාඩුවට කරපු දේවල්. දැන් අවුරුදු තිස්පහ පනින්නත් ඇවිල්ලත් තාම ඉස්කෝලේ යන්නෙ ගුරුවරයෙක් වෙන්න තිබ්බ ආසවටත් වඩා කැම්පස් ඉවර උන ගමන්ම පිනකට වගේ ජොබ් එක හම්බුන හින්දා. මම වර්තමානෙන් අතීතෙටත් අතීතෙන් වර්තමානෙටත් මාරුවෙන් මාරුවට තප්පරෙන් තත්පරේට පැන පැන එක වෙලාවකදි අනාගතේ දිහාටත් ගිහින් තේ එක බීලා ඉවර වෙද්දි ආයෙමත් වර්තමානෙට ආවා. නිමන්ති දැන් රස්සාවක් කරන්නේ නෑ. බබලා දෙන්නා හම්බුනත් එක්කම රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කිව්වේ මමමයි. ඒ නිවුන්නු දෙන්නෙක් බලාගන්න එක ලේසී පහසු දෙයක් නෙමේ හින්දා. දැන් දෙන්නම ඉන්නෙ මගේ ඉස්කෝලේ හය වසරේ. එළියේ සෙල්ලම් කරන හැටි පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් දාලා බලලා තේ කෝප්පේ අතට අරන් යන්න පටන් ගත්තා කුස්සිය දිහාට. නිමන්තී උයන්නත්