දවසක හවසක මතකය
දවස තිස්සෙම තිබුනු ආව් කාෂ්ටෙ නැති වෙලා අහස ටිකක් නිවිලා ගිහින්.වටපිට බල බල වත්තේ ඇවිද ඇවිද හිටිය මාව කුඹුරු යාය පැත්තට ඇදිලා ගියා වගේ.මම ගියා පහළටම.කුඹුරු මායිම ළඟ තිබ්බ ගස් පෙනෙල ගහට අත තියලා අඩි දෙකක් පහළට බැස්සා.ළඟම තිබුනු අපේ නාන ළීඳ දැක්කාම හිතට මාරම දුකක් දැනුනේ.මතක විදිහට අපේ තාත්තා තමා මේ කියන ළිඳ කැපුවේ.අපි කි දෙනෙක්නම් නාන්ඩ ඇතිද කොයි තරම් කාලයක් කොයි තරම් ප්‍රමාණයක් අපිට මෙහෙයක් දෙන්ඩ ඇතිද.තත්පර කිහිපයක් ඒ දිහා බලන් හිටියත් ළිඳෙන් වතුර ටිකක් ගන්නවත් හිත දුන්නේ නැත්තේ ඇයි කියලා මම ගෙදර ඇවිල්ලත් කල්පනා කලා.වතුර තවමත් උතුරලා යනවා.නිල් කැටේ වගේ.ඒත් ළඟම තිබුනු සපු ගහේ කොළ වැටිලා ළිඳ ටිකක් ජරාජීර්ණ වෙලා වගේ කියලයි දැනුනේ මට. අඩිදෙකක් විතර ගියායින් පස්සේ කුඹුරු යායට හිත යොමද්දි ළිඳේ මතකය නැති වෙලා ගියා.කොළම කොළ යායක්.ඈතින් කෙලින්ම දනව්කන්ද.කඳු දෙකක් විදිහට තිබුනත් දෙකටම එකම නම කියනවා අපි ගොඩක් කල් ඉදන්.ඒ පැත්තේ රජ කාලේ ඉදන් තියෙන පන්සලක් තියෙනවා.පොඩි කාලෙනම් හැම පෝයටම වෙල මැද්දෙන් පැනලා යනවා පන්සල්.ඒ යන්නෙත් ගමම අරන් වගේ. අහස නිවිලා හාන්කවිසියක් නැති ගානට හිටියත් හරිම පාළු...