දවසක හවසක මතකය


දවස තිස්සෙම තිබුනු ආව් කාෂ්ටෙ නැති වෙලා අහස ටිකක් නිවිලා ගිහින්.වටපිට බල බල වත්තේ ඇවිද ඇවිද හිටිය මාව කුඹුරු යාය පැත්තට ඇදිලා ගියා වගේ.මම ගියා පහළටම.කුඹුරු මායිම ළඟ තිබ්බ ගස් පෙනෙල ගහට අත තියලා අඩි දෙකක් පහළට බැස්සා.ළඟම තිබුනු අපේ නාන ළීඳ දැක්කාම හිතට මාරම දුකක් දැනුනේ.මතක විදිහට අපේ තාත්තා තමා මේ කියන ළිඳ කැපුවේ.අපි කි දෙනෙක්නම් නාන්ඩ ඇතිද කොයි තරම් කාලයක් කොයි තරම් ප්‍රමාණයක් අපිට මෙහෙයක් දෙන්ඩ ඇතිද.තත්පර කිහිපයක් ඒ දිහා බලන් හිටියත් ළිඳෙන් වතුර ටිකක් ගන්නවත් හිත දුන්නේ නැත්තේ ඇයි කියලා මම ගෙදර ඇවිල්ලත් කල්පනා කලා.වතුර තවමත් උතුරලා යනවා.නිල් කැටේ වගේ.ඒත් ළඟම තිබුනු සපු ගහේ කොළ වැටිලා ළිඳ ටිකක් ජරාජීර්ණ වෙලා වගේ කියලයි දැනුනේ මට.
අඩිදෙකක් විතර ගියායින් පස්සේ කුඹුරු යායට හිත යොමද්දි ළිඳේ මතකය නැති වෙලා ගියා.කොළම කොළ යායක්.ඈතින් කෙලින්ම දනව්කන්ද.කඳු දෙකක් විදිහට තිබුනත් දෙකටම එකම නම කියනවා අපි ගොඩක් කල් ඉදන්.ඒ පැත්තේ රජ කාලේ ඉදන් තියෙන පන්සලක් තියෙනවා.පොඩි කාලෙනම් හැම පෝයටම වෙල මැද්දෙන් පැනලා යනවා පන්සල්.ඒ යන්නෙත් ගමම අරන් වගේ. අහස නිවිලා හාන්කවිසියක් නැති ගානට හිටියත් හරිම පාළු ගතියක් පඬු ගතියක් තමා පෙනුනේ.ටිකක් ඉස්සරහට ගිහින් ආයෙත් හැරුනාම එකටම පෙනුනේ ගස් පෙනෙල ගහ.ගොඩක් අය අදුරන්නේ නෑ ඔය ගහ.මටනම් ඒකේ නම කිව්වේ අපේ තාත්තා.ඒ ගොඩක් කාලෙකට උඩදි.දැන් ඉතින් මම අහන හැමෝටම වැඩකාරයා වගේ කියනවා.ගොයම් පැහීගෙන එන කාලෙට ගහේ කොළ ඔක්ක්කොම බිම.බිම කිව්වට ඇත්තම කිව්වොත් ඔක්කොම ළිඳේ.ඒ කාලෙට ළිදෙන් නාන්ඩත් ආසයි.නැත්තන් අනිත් හැම කාලෙම අයිස් කැටේ වගේ වතුර ටික.කොල හැලුනත් එක්කම යන්තන් පූදිගෙන ආපු මල් පිපෙනවා.මල් වලනම් ඇති ලස්සනක් නෑ.ඒත් මී මැස්සොනම් පිරෙනවා.උන් දවසම එතනද කොහෙද.අන්තිමට උන්ගේ මරණෙත් වෙන්නේ ළිඳට වැටිලා. පෙනෙල ගෙඩි වතුරේ දාලා පොඩි කලාම සබන් ව්ගේ පෙණ ගොඩක් එනවා.මන් අක්කත් එක්ක නාන්ඩ ආවම ඉස්සර කරන්නේ ඕව තමා.හැබැයි නාහේ කඩන් යන ගඳක් තියෙන්නේ.අවුරුදු ගානක් ගහ තිබුනත් තාම පැළයක් නැති එක තමා පුදුමේ. ඉතින් ඒ ගහෙ කොළ දළු දාන කාලෙට මාරම ලස්සනක් තියෙන්නේ.මුළු ගහම කොළ පාට වෙනවා.පස්සේ ඉතින් කොළ හැලිලා යනකොටනම් කහ පාට වෙනවා.
ඉතින් මම ඇවිදගෙන ගිය නියර දිගේම.වෙලාවකට හරක් බදින්ඩ හිටෝලා තිබ්බ කනුවකට නැගලා ආයේ බිමට පනිනවා.නියරේ ඇවිද්දේ අඩි තුන හතරයි.එවෙලේම සෙරෙප්පු දෙක කකුලෙන් ගැලවිලාම ගියා.මොකද පතුල් දෙක උනත් දන්නවා මට මේ මඩ මේ නියර මේ තණකොළ හොදට පුරුදුයි කියල. ඒ තණකොළ පොඩි උනාම ඒවායින් ආවේ අමුතුම සුවදක්.හරියට මාව අවුරුදු ගානකට පිටිපස්සට අදාල දැම්ම වගේ.ඉස්සරනම් රෑ වෙනකන් වෙලේමයි.අපි පාගපු නැති නියරක් නැතුව ඇති.අපි නොගිය තැනක් නැතුව ඇති.ඇළ පාරේ අපි නොගියපු තැනක් නැතුව ඇති.එහෙම කාලයක් තිබ්බ කියල මතක් වෙනකොටත් ආසාවේ බැ. මට මතකයි මම ඉස්සර හවස හයට විතර එනවා කුබුරට.ඒ මොකටවත් නෙමේ අහස බලන්ඩයි වවුලෝ ගණන් කරන්ඩයි.උන් යන විදිහත් හරිම අපුරුයි.පහමාර පහු වෙනකොට වගේ උන් වැඩ පටන් ගන්නවා.ඊට පස්සේ හත විතර වෙනකන් බලගන්ඩ පුලුවන් උන්ගේ සෙල්ලම් අහසේ කරන.උන් යන්නෙත් රොත්ත පිටින්ම නෙමේ එක එකා ගානේ.නමුත් යන්නේ එකම තැනකට වෙන්ඩ ඕනේ.උන්වත් බලලා ඇදිරි වැටෙනකොටම වගේ ගෙදර යනවා. නියරේ ඉස්සර වගේ නෙමේ හරිම ආගන්තුක බවක් තම තිබුනේ.ඒ ඇයි කියන්ඩනම් මටත් හිත ගන්ඩ අමරුයි.පේන තෙක් මානයේම කවුරුත්ම නෑ.මලානික උන අහසේ ඒ ගතිය නැති වෙන්නේ ඉදහිට ඉගිලිලා යන කොකෙක් හරි පිලිහුඩුවෙක් දැක්කම.කුබුරේ ගොයම් නැති බව ඇත්ත.එත් ලස්සන තියෙන්නේ ගොයම් වැවුනයින් පස්සේ විතරක් නෙමේ.ඒකමටම ආවේනික උන ලස්සනක් තියෙනවා.වල් පැළෑටි උනත් කමක් නැ.තණකොළ පොඩි උනාම නහය පුරා ගිහින් ඇග පුරාමත් විහිදිලා ගිහින් මුළු සර්වන්ගේටම පණක් දෙන සුවදක් තම පිටවෙන්නේ.ඒ කාලේනම් මම තණකොළ මත්තේ වැතිරෙනවා තැනක් නොතැනක් බලලා.හැබැයි නැගිට්ටයින් පස්සේ කසන්න ගන්න එකනම් අකමැති වැඩක්.එත් ඒ වැඩනම් නවත්තන්නේ නැ අපි. කුබුරේ ගොඩක් ජාතියේ ගස් තියෙනවා.ඇත්තම කිව්වොත් මමනම් ඒවායේ නම් දන්නෙත් නැ බොහොමයකගේ.
අපි නාන්න ලිදට එනකොට අපේ ගෙදර බලලත් එනවා අපි පස්සෙන්ම.අපි වේලට යනකොට ඌත් එනවා අපිත් එක්කම.ගස් ගැන කතාවත් එක්කම ඌව මතක් උනේ ඒකා අපි නියරෙන් යනකොට ගස් අස්සෙන් යනවා ඊට පස්සේ ඌව පේන්නෙත් නෑ.යන්තන් ඡයාවකුයි සර සර සද්දෙයි විතරයි. හවස හයට විතර තමා හරිම මලානික පාටක් පේන්නේ මුළු වෙල් යායේම.ඒ වෙන මොකුත් හින්ද නෙමේ වෙලේ නරකක් හින්දත් නෙමේ.කුබුරු යායට එහා පැත්තෙන් තියෙන්නේ වෙනම ගමක්.ඊට එහා පැත්තෙන් තම අර කිව්ව කන්ද තියෙන්නේ.ඉතින් මේ ගමයි අපේ ගමයි තැන දෙකකින් සම්බන්ද කරනවා වෙලා මැද්දෙන් වැටුණු පාර වල දෙකකින්.හවස් වෙනකොට මිනිස්සු වැඩ ඇරිලා යනවා.දවසෙම වෙලේ හිටපු හරක් අරගෙන තවත් කට්ටියක් යනවා.අපේ ළිදෙන් අපේ ගෙදර ඇය විතරක් නෑවට ලිද ලගට ආවම පේන තවත් ළිං හතරක් තියෙනවා.ඕවායේ ඒ වෙලාවට මිනිස්සු නානකොටත් හරිම පාලු ගතියක් මුඩු ගතියක් දැනුනා මටනම්.එක ගොඩක් යට දැනෙන්නේ නැති වෙයි මොකද එක දනේන්නනම් ඒ වෙලාවේ එතන ඉන්නම ඌනේ.නාන කොට වතුර කඩා වැටෙන විදිහයි සද්දෙයි තමා ඒ මලානික බව ගෙනල්ලා දෙන්නේ. ඒකෙන් මේකෙන් මම ආවා ඇළ ළගටත්.අවුරුදු මාසේ එනකන් අහුවෙන පෑවිල්ල හින්දද කොහෙද වතුර හිදිලා ගිහින්.යන්තන් වතුර පාරක් ගලා ගියත් එක පතුල් යට කරන් යන්නවත් මදි.ඒත් වතුර ටිකනම් තාම පිරිසිදුයි.ඇළ ගොඩක් පළල උනත් හතර වටෙන්ම තණකොළ වැවිලා.උදේ ආවොත්නම් ලස්සනට රිදී පාටට දිලිසෙනවා මේ තණකොළ.මොකද ඒවායේ කොලවල තියෙන පිනිබිඳු වලට ඉර එළියත් වැටුනාම දිස්නේ දෙනවා.
ආයමත් හැරිලා ආව ලිද දිහාවට.තැනින් තැන හරක් බැහැපු වලවල් තියේ.හවසයි පෑවිල්ලයි හින්දද කොහෙද හරක්නම් පෙන්න හිටියේ නෑ.ඉස්සර අපී ගෙදරත් මී හරක් රංචුවක් හිටිය.අපේ අම්ම කරන්නේ උදේට උන්ව ගස් වලින් ලෙහෙලා ඔහේ යන්ඩ දෙනවා.පස්සේ උන් ඔහේ ඉබාගාතේ අර කන්ද පැත්තේ ගිහින් හොදට සප්පායම් වෙලා හවස හයට විතර ඇදිරි වැටෙන වෙලාවට ගෙදරටම එනවා.ඒ හින්ද වෙනද ඇති ඒ වෙලාවට ගොම්මන් වෙලාව් කියන්නේ. ගලවපු සෙරෙප්පු දෙකත් දාගෙන ළිද දිහාට ආයෙමත් එනකොට තම දැක්කේ පරිසරේ කොයි තරම් වෙනස් වෙලාද කියලා.ඉස්සරනම් එහෙම බැලුවාම පෙන්නේ කොළ පාට මායිමක් වගේ.එත් දැන් ඒවායේ තැනින් තැන හිදැස් ඇවිල්ලා.මොනා කරන්නද ඒක තමා කාලේ හැටි කියලා මම ආවා ඉස්සරහටම.ඒ එන අතරේදී මාව ආයෙමත් අතීතයට කරකැවිල විසි වෙලා ගියේ ලිද ළග හදපු සෙල්ලම් ගෙවල් මතක් උන හින්දා.ඒ වගේම දැන් හරි ලොකුවට අහස සිබ ගෙන හිටියට ඉස්සර මන් කරටිල්ලට යනකන් බඩගාපු සපු ගහත් උජාරුවෙන් වගේ මන් දිහා බලන් හිටියා.කහ පාට උන කොලයක් දෙකක් හෙමින් සීරුවේ ලිදට වැටුනා වගේ. මම ආයෙමත් ගස් පෙනෙල ගහට වටේ අතක් යවලා වාරු අරන් වත්තට පැන්නෑ.එක පාරක් ආයෙමත් හැරිලා කදු දෙක දිහා බලපු මන් ඉක්මනටම දිව්වේ කුස්සිය පැත්තෙන් දුමක් ආපු හින්ඩා.බොහෝ විට අක්කා මන් කිව්වා තේ එක හදනවා වෙන්න ඇති කියලා එක පිම්මට ගෙදරටම දිව්වා.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය