තාත්තා
‘මලිත් මලිත් අන්න අක්ක ඇවිල්ල ඔයාගේ...’
‘කෝ කෝ කොහෙද ඉන්නේ....’
‘අන්න ටීචර් එක්ක මොනවාද කතා කර කර ඉන්නවා...’
කොන්ඩේ බොකුටු වෙච්ච මටත් වඩා උස නෙලුම් ඇවිත් එහෙම කිව්වේ දැනට අවුරුදු පහළොවකට කලින්.මන් එතකොට තුන වසරේ.අවුරුද්දද පටන් අරන් මාස දෙකක් ඉවර වෙන්ඩත් ලගයි.ඒ කාලේ පන්තියේ ළමයි බැරි දෙයක් එහෙම අහගන්ඩ මන් ලගට එන හින්ද එවේලේත් මම හිටියේ ළමයි රොත්තක් වට කරගෙන. කවදත් කටකාර ඒ කෙල්ලගේ කටට බ්රේක් නෑ කියලා තමා ටීචර් උනත් කියන්නේ.නුපුරුදු දෙයක් එතන තිබ්බේ නැති හින්ද මන් ඒ හැටි ගානකට ගත්තේ නැති උනාට අක්ක ආව කිව්වාම පුදුම උනේ මොන අක්කද කියල බලාගන්ඩ හින්ද.නැගිටලා ගිහින් බලන්ඩ හදන්ඩ හදනකොටම ඇග හිරිවැටිගෙන යන ඒ දේ ඇහුනේ අර කෙල්ලගේ කටෙන් එක පාරටම එලියට පැන්න හින්දා.
‘ඔයාලගේ තාත්තා නැති වෙලාලු ..’
‘මොකක්...? කවුද කිව්වේ ..?
‘මට ඇහුනා..’
මට කවදත් දුකෙදියි සැපෙදියි ලග හිටිය ඒ ටීචර් මගේ මුණ දිහා බැලුවේ හරිම අසරණ විදිහට.පන්තියේ කොනක ඉදන් ඉස්සරහට යද්දී මට පෙනුනේ තාමත් පුටුවේ ඉදගෙන ඉන්න ටිචර්වයි හිටගෙන ඉන්න අක්කවයි.මතක ඇති කාලෙක අක්කා ඇවිල්ලම නෑ ඉස්කෝලෙට.අක්කා මන් දිහා බලන්ඩ බැරි කමටදෝ දොරෙන් එහා පැත්ත බලන් ඉන්නවා.මන් යද්දීම ටීචර් කෑගහල කිව්වේ ඔය මලිත්ගේ බෑග් එක කවුරු හරි ගෙනත් දෙන්ඩ කියලා.මන් හැරිලා බලද්දිම බෑග් එක ළමයෙක් ගෙනත් දුන්නා.
'මලිත් අක්කා ඇවිත් ඉන්නේ...ඔයාට යන්ඩ පුළුවන් අක්කා එක්ක.’
‘මන් යන්නම් ටීච එහෙනම්..’
වේලාව නාමය පහු උනා විතරයි මන් හිතන්නේ.තාත්තා මේ ටිකේම ඉස්පිරිතාලේ හිටිය හින්දා කවදාවත් නැති උනාට මේ ටිකේ ගෙදර හරියටවත් බිස්කට් තියෙනවා.උදේ හදිස්සියට ආපු හින්ද බිස්කට් දෙකක් දාගෙන ආවා කමිසේ සාක්කුවේ.පන්තියෙන් බැහැලා යද්දී බෑග් එක අක්කා ගත්ත හින්දා මගේ ඇත යැවුනේ කමිසේ සාක්කුවට.
‘මොකද අක්කේ වෙලා තියෙන්නේ ...?’
‘යන්කෝ ඉක්මනට ගෙදර ..’
‘කියන්ඩකෝ අනේ..’
‘එකටම යනකො ගෙදර.මටත් මහන්සියි.මේ ඉස්පිරිතාලේ ඉදන් එන ගමන්.’
‘හ්ම් ..’
‘අක්කේ උදේ ගෙනාපු බිස්කට් දෙකක් තාම සාක්කුවේ..’
‘අපොයි .. අපොයි.’
‘ආ කන්ඩ ඔයත්.’
‘මට එපා ඔයා කන්ඩ ...’
ගෙදර ඉදන් ඉස්කෝලෙට තියෙන්නේ හරිම පොඩි දුරක්.ඒ හින්දා ගෙදරට එද්දිත් තාමත් බිස්කට් එක කටේ මගේ. ගේ ලොකුවට තිබ්බට ,වහලේ උළු වලින් හෙවිලි කරලා තිබ්බට තාමත් බිම ගාලා තියෙන්නේ ගොම.රෑට පත්තු වෙන්නේ භූමිතෙල් ලාම්පු. වෙනදා සුපුරුදු පරිද්දෙන් සාලේ මැද්දේ තියෙන පුටු සැටිය එතන නැහැ.බිත්තියේ හයි කරලා තිබ්බ ලස්සන ලස්සන රූප ටික නෑ.එක කැලැන්ඩරයක් විතරක් කණපිට හැරිලා.පොඩි හුලගක් ඇවිත් ඒක හොද පිට හැරෙද්දී බාප්පා ඇවිත් තරහෙන්ම ගලෝලා කාමරේකට විසි කරනවා අහම්බෙන් වගේ පෙනුනා..
වෙනදා එන්නේ නැති මිනිස්සු එකා දෙන්නා එද්දී මන් කාමරෙන් බෑග් එක තියලා කෙලින්ම ගියේ අම්මව හොයන්ඩ කුස්සියට.ඒ යද්දී අතරමගදී අනිත් කාමරේට ඔලුව දාද්දි අම්මා ඇදේ කෙළවරකට වෙලා ඇස්වල කදුළු පුරාවන අහක බලාගෙන ඉන්නවා.අනික් කෙලවරේ මෙච්චර දවසක් ඉස්පිරිතාලේ තිබ්බ තාත්තාගේ ඇදුම් බෑග් එක ඇදේ මුල්ලකට වෙලා තියෙනවා.මන් මොකුත් නොකියම ඇවිදගෙන ගියේ ආයෙමත් අක්කව හොයන්ඩ.

wow superb
ReplyDeleteThanks aiya 😉
ReplyDeletenice one malli
ReplyDelete