Posts

Showing posts from September, 2016

සීත සුළං

දොරවල් දෙකකි කාමරයට ජනෙල් තුනයි මේසය හා පුටුව ඇඳ සහ රාක්කයයි වහලය උළුය බිම දූවිලි විමානයයි රෙදි වැල් කිහිපයයි සහ පොත් මිටි හතරයි තනි පංගලමේ කාමරයේ ඇඳක් උඩ මා සිටිනා විටදි සිහියක් නොමැති ලෙස සීතල සුළං සහ වැස්සක් හමන කල ගත කිළිපොලයි ඔබ මතකෙට නැගෙන විට රහසක් කියන ලෙස සවනත රැදෙන විට පහසක් දැනේ පෙර ඔබ මා සිටිය ලෙස සහසක් මතකයන් මා හදවත වසන විට දහසක් මල් පිපෙයි කඳුලක් තබා ඇස සිත මගේ නොසන්සුන් මේ සුළු මොහොතෙ පවා රැඳවූ සුසුම් ඔබ ඒ ගිය දවසෙ දමා දිවියත් සමඟ ඔද්දල් වූ සිතත් පවා ගීයක් ගයයි සෝබර තනුවක්ද දමා

රාත්‍රියට පෙම් කරන්න

මේ සුන්දර රාත්‍රියට තරු එළියට සඳ පානට මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි මට කියා දුන්නේ ඔබමයි වනන්තරේ මල් පිපුනා එක එක පාටට ඈලේ දොලේ දිය ගැලුවා ගීයක තාලෙට නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොපෙනුන දෑසට මේ පෙනෙන සොදුරු ලොව අඳුරට එපා හෙලන්නට රෑට රෑට තරු පිපුනා අහසෙ යායට සඳ ඇවිදින් තිලක තියා බැඳුනා නලලත නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොහැඟුන හදකට දුක දරන්න බෑ සත්තයි හිත එපා තලන්නට  (දීපිකා ප්‍රියදර්ශනී පීරිස්) හැමෝටම ඇති මේ වගේ අත්දැකීමක්.අඩු තරමේ දැනට එක පාරක්වත්.ආදරේ අපේ ජිවිතේ සම්පුර්ණ කරනවා කියන්ඩ හොඳම උදාහරණයක් තමා මේ සින්දුව.සමහර විට මිනිස්සු ආදරයක් නැති හින්දා ජිවිතේ අසම්පුර්ණව ගෙවනවා ඇති එහෙමත් නැත්තන් ආදරයක් හොය හොයා සැනසීමක් නැතුව කල් ගෙවනවා ඇති.ඒ කොහොම උනත් මේ කියන විදිහටනම් ආදරේ නැති තැන ජීවිතෙත් නෑ. රාත්‍රිය සුන්දරයි.ඒ හින්දා තමා ගොඩක් අයගේ හීනයක් තියෙන්නේ තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය  එක්ක රාත්‍රියේ කොහේ හරි ඇවිදින්න.මටත් එහෙම හීනයක් තියෙනවා.මම සමහර අයට කියලත් තියෙනවා රෑ හඳපානේ කා එක්ක හරි ඇවිදන් යන්ඩ ආසයි කියලා.අහසේ තරු රටා අස්සේ තරු කැට ගණන් කර කර ඇවිදන් යන්ඩ වාසනාව

අතීතයට යන පාර දිගේ

කන්දක් අතරින් හඳ පායන හැටි කඳු මුදුනේ සිට බලනු කෙසේ සුළඟක් නැති තැන රුවලක් අතැතිව එගොඩට යන සැටි සිතනු කෙසේ සුසුමක් නොමැතිව හදවත ගින්නක් සුසුම්දමින් මා නිවනු කෙසේ නින්දක් නැති මට නිදි දුව අතරින් හීනෙන් මා ඔබ බලනු කෙසේ දහවල් එළියේ සක්මන් කරමින් පිනිබිඳුවක් මා සොයන්නෙමී රෑ කල අහසේ ගොතනා කවියක් හිරු තෙර වෙත මා කියන්නෙමී වියළුනු කොළයක නටුවක් වැරයෙන් අල්ලගෙන මා සිටින්නෙමී අඩවන් දෙනෙතින් අඩ අඳුරක් මත ඔබගේ මුවඟම පතන්නෙමී කැළුමක රැඳි සුව බලන්න හැකිනම් දෙනෙත් පියාගෙන සවන් යොමා බිඳුවක දිය වුනු රස සොයමී මා සුවඳට රොන් කෙඳි දෙසට නමා සිතුවිලි අරණේ රල පෙළ අතරේ ගී දම් වැලකින් රටා දමා ඔබ ගැන සිතමී තාමත් ලැබුමට පමණක් මා ලැබ නොමැති පමා