අතීතයට යන පාර දිගේ

කන්දක් අතරින් හඳ පායන හැටි කඳු මුදුනේ සිට බලනු කෙසේ
සුළඟක් නැති තැන රුවලක් අතැතිව එගොඩට යන සැටි සිතනු කෙසේ
සුසුමක් නොමැතිව හදවත ගින්නක් සුසුම්දමින් මා නිවනු කෙසේ
නින්දක් නැති මට නිදි දුව අතරින් හීනෙන් මා ඔබ බලනු කෙසේ


දහවල් එළියේ සක්මන් කරමින් පිනිබිඳුවක් මා සොයන්නෙමී
රෑ කල අහසේ ගොතනා කවියක් හිරු තෙර වෙත මා කියන්නෙමී
වියළුනු කොළයක නටුවක් වැරයෙන් අල්ලගෙන මා සිටින්නෙමී
අඩවන් දෙනෙතින් අඩ අඳුරක් මත ඔබගේ මුවඟම පතන්නෙමී


කැළුමක රැඳි සුව බලන්න හැකිනම් දෙනෙත් පියාගෙන සවන් යොමා
බිඳුවක දිය වුනු රස සොයමී මා සුවඳට රොන් කෙඳි දෙසට නමා
සිතුවිලි අරණේ රල පෙළ අතරේ ගී දම් වැලකින් රටා දමා
ඔබ ගැන සිතමී තාමත් ලැබුමට පමණක් මා ලැබ නොමැති පමා

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය