සීත සුළං

දොරවල් දෙකකි කාමරයට ජනෙල් තුනයි
මේසය හා පුටුව ඇඳ සහ රාක්කයයි
වහලය උළුය බිම දූවිලි විමානයයි
රෙදි වැල් කිහිපයයි සහ පොත් මිටි හතරයි

තනි පංගලමේ කාමරයේ ඇඳක් උඩ
මා සිටිනා විටදි සිහියක් නොමැති ලෙස
සීතල සුළං සහ වැස්සක් හමන කල
ගත කිළිපොලයි ඔබ මතකෙට නැගෙන විට

රහසක් කියන ලෙස සවනත රැදෙන විට
පහසක් දැනේ පෙර ඔබ මා සිටිය ලෙස
සහසක් මතකයන් මා හදවත වසන විට
දහසක් මල් පිපෙයි කඳුලක් තබා ඇස

සිත මගේ නොසන්සුන් මේ සුළු මොහොතෙ පවා
රැඳවූ සුසුම් ඔබ ඒ ගිය දවසෙ දමා
දිවියත් සමඟ ඔද්දල් වූ සිතත් පවා
ගීයක් ගයයි සෝබර තනුවක්ද දමා

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය