රාත්‍රියට පෙම් කරන්න

මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නේ ඔබමයි

වනන්තරේ මල් පිපුනා එක එක පාටට
ඈලේ දොලේ දිය ගැලුවා ගීයක තාලෙට
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොපෙනුන දෑසට
මේ පෙනෙන සොදුරු ලොව අඳුරට එපා හෙලන්නට

රෑට රෑට තරු පිපුනා අහසෙ යායට
සඳ ඇවිදින් තිලක තියා බැඳුනා නලලත
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොහැඟුන හදකට
දුක දරන්න බෑ සත්තයි හිත එපා තලන්නට 

(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්)

හැමෝටම ඇති මේ වගේ අත්දැකීමක්.අඩු තරමේ දැනට එක පාරක්වත්.ආදරේ අපේ ජිවිතේ සම්පුර්ණ කරනවා කියන්ඩ හොඳම උදාහරණයක් තමා මේ සින්දුව.සමහර විට මිනිස්සු ආදරයක් නැති හින්දා ජිවිතේ අසම්පුර්ණව ගෙවනවා ඇති එහෙමත් නැත්තන් ආදරයක් හොය හොයා සැනසීමක් නැතුව කල් ගෙවනවා ඇති.ඒ කොහොම උනත් මේ කියන විදිහටනම් ආදරේ නැති තැන ජීවිතෙත් නෑ.
රාත්‍රිය සුන්දරයි.ඒ හින්දා තමා ගොඩක් අයගේ හීනයක් තියෙන්නේ තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය  එක්ක රාත්‍රියේ කොහේ හරි ඇවිදින්න.මටත් එහෙම හීනයක් තියෙනවා.මම සමහර අයට කියලත් තියෙනවා රෑ හඳපානේ කා එක්ක හරි ඇවිදන් යන්ඩ ආසයි කියලා.අහසේ තරු රටා අස්සේ තරු කැට ගණන් කර කර ඇවිදන් යන්ඩ වාසනාවකුත් තියෙන්ඩ ඕනේ කියලා හිතෙනවා වෙලාවක.ගොඩක් තනිකමට පෙම් බැන්ඳ කෙනෙක්ට හැර වෙන කෙනෙක්ට මේ රාතියක සුන්දරත්වය වින්දගන්ඩ අමාරුයි.ඒකයි කියන්නේ රාත්‍රියට පෙම් කරන්ඩ ඉගැන්නුවේ ඔයා කියලා.
මේ සින්දුව වගේම තව සින්දුවක් තියෙනවා.ඒක තමා අහස පොලොව වට පිටාව හරිම හිස්තැනක් කියන සින්දුව.වෙලාවක් තියේනම් අහලා බලන්ඩ.දෙකෙන්ම කියන්නේ එකම දේ.ඒ තමා ආදරයක් ලැබුනායින් පස්සේ අපි ජිවිතේ විඳිනවා කියන එක.ඒකම වෙන්ඩ ඇති ආදරය විරහවක් වෙලා නැති වෙලා ගියාම අපි විරහවට පෙම් බඳින්නේ.විරහවට පෙම් බඳිනකොටත් අපි රාත්‍රියට ආදරේ කරනවා.
.
.
.
මම තාම අහස දිහා බලාගෙන.තරු කීපයක් තියෙනවා හඳ වට කරගෙන.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය