Posts

Showing posts from October, 2016

මෝහිනී

රෑ තිස්සේ පාරවල් අයිනේ වැස්සේ සීතලේ වෙව්ලනකන් අනංගයෝ එනකන් බලන් හිටියට අපිට පේන්නේ උඹ තනියෙන් කියලා... බිත්ති හතරේ කාමරේක අනිත් උන් දාඩිය එක්ක සුසුම් අරිද්දි උඹ කට පුරා හිනා වෙලා හිත යටින් අඬන වග හංගන පුරුදුකාරියක්.. හොඳ වයස ගෙවිලා ගියත් තාමත් උබේ හිත තරුණ උනත් උඹට දැනුනේ නැති උනාට උඹත් ගෙදරට නාකි වෙන පෝරුව හිනෙන්ම දකින මල් පොකුර ගත්ත මනමාලියක්.. අතේ ළමයෙක් නැති උනාට චීත්තේ පටලං නොහිටියාට රෑ දොළහටත් මිනිස්සු හොයන කලුවරට විතරක් පෙම් කරන උබත් අද කාලේ මොහිනියක් . .

මල් කුමාරියේ

ආදරේට කෝඩු කාර නොවුන මාගේ හීන ගාව මටත් හොරෙන් ගීත කීව මල් කුමාරියේ.. මලට බමරු නාපු දාට මල් පොකුරම පිපුන දාට සුවඳ හොයා ඇදී ආව මගේ මනාලියේ.. මලේ සුවඳ බැලුව දාම මලට අයිතිකම් කිව්වම නටුව අහක බැලුවා මාගෙ පෙම් කුමාරියේ.. මල පොඩි වී පර වුනාට කටු අත්තේ තනි උනාට තාම ගහේ මල් පිපෙනවා මගේ කුමාරියේ...

නාමලී

දෙකයි හතළිහයි.ඔරලෝසුවේ කටු තිබ්බේ එහෙම. "පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය කොළඹ කොටුව බලා ගමන් ගන්නා කරයි .එම දුම්රිය නවත්තනු ලබන්න්නේ කඩුගන්නාව, රඹුක්කන, පොල්ගහවෙල, වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන සහ කොළඹ කොටුව."  පේරාදෙණිය ස්ටේශන් එක පැත්තෙන් ඕක කියනවා ඇහුනේ මම බෝඩිම පල්ලෙහා පල්ලම බහිද්දිම.හයියෙන් ගියාට ට්‍රේන් මාව එක දැක දැකම යන්ඩ ගියා. "ශිට්..ආයේ ඉතින් ඉදපන්කෝ හය වෙනකන්.." මන් මටම මුමුනා ගත්තේ මන් ගැනම තරහෙන්. මාසෙකින්වත් වැස්ස දැක්ක නැති පාරේ කොනටම ගිහින් කඩෙන් ගත්තේ බිස්කට් එකයි සන්ලයිට් කුඩු පැකට් එකකුයි. දූවිලි සෙරෙප්පු දෙක අස්සෙන් ගිහින් ඇඟිලි කරු වල හිර වෙලා.කකුල තියෙන පාරක් පාරක් ගානේ දූවිලි වලාවක් පොලොවෙන් උඩට ඇවිත් ඩෙනිමේ දණිහ ගාවටම වැහිලා යනවා.ඩෙනිමත් දැන් දූවිලි වලට ආදරෙයි වගේ. "කොහෙද යන්නේ බන්? "  "කන්ඩ යනවා බන්.නින්ද ගියා.." "හ්ම් පලයන්.ට්‍රේන් එක මිස් උනා බන්.ආයේ හයට" සාරංග පල්ලම බැහැගෙන එනවා.මම කන්ද නැගගෙන යනවා.විනාඩි තිහකට කලින් විතර මම හිටියේ මෙතනට පොඩ්ඩක් උඩින්. බෝඩිම පේද්දිම යතුර ගත්ත මන් හෙමිහට පඩි පෙල