මල් කුමාරියේ

ආදරේට කෝඩු කාර
නොවුන මාගේ හීන ගාව
මටත් හොරෙන් ගීත කීව
මල් කුමාරියේ..

මලට බමරු නාපු දාට
මල් පොකුරම පිපුන දාට
සුවඳ හොයා ඇදී ආව
මගේ මනාලියේ..


මලේ සුවඳ බැලුව දාම
මලට අයිතිකම් කිව්වම
නටුව අහක බැලුවා මාගෙ
පෙම් කුමාරියේ..


මල පොඩි වී පර වුනාට
කටු අත්තේ තනි උනාට
තාම ගහේ මල් පිපෙනවා
මගේ කුමාරියේ...

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය