මෝහිනී

රෑ තිස්සේ පාරවල් අයිනේ
වැස්සේ සීතලේ වෙව්ලනකන්
අනංගයෝ එනකන් බලන් හිටියට
අපිට පේන්නේ උඹ තනියෙන් කියලා...
බිත්ති හතරේ කාමරේක
අනිත් උන් දාඩිය එක්ක සුසුම් අරිද්දි
උඹ කට පුරා හිනා වෙලා
හිත යටින් අඬන වග
හංගන පුරුදුකාරියක්..
හොඳ වයස ගෙවිලා ගියත්
තාමත් උබේ හිත තරුණ උනත්
උඹට දැනුනේ නැති උනාට
උඹත් ගෙදරට නාකි වෙන

පෝරුව හිනෙන්ම දකින
මල් පොකුර ගත්ත මනමාලියක්..
අතේ ළමයෙක් නැති උනාට
චීත්තේ පටලං නොහිටියාට
රෑ දොළහටත් මිනිස්සු හොයන

කලුවරට විතරක් පෙම් කරන
උබත් අද කාලේ මොහිනියක් .
.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය