සීතාවක
ලැබුනොතින් දවසක් යන්න අතීතෙට ගිහින් එන්නට ලැබුනොතින් මොහොතක් හිතේ හිරවුනු හැඟුම් පොදියක රසය ආයෙත් බලා එන්නට ලැබෙන ඒ පොඩි මොහොත වූවත් විඳින්නෙමි යලි නොයෙන අයුරින් වැස්ස කොහොවත් නොතිබු දවසක අතීතයෙ තිබු නැවුම් මොහොතක විඳින්නට අපි ජීවිතේ අඩි තියා අපි තටු සලා අපි ගියේ අපි ඒ මාවතේ මල් පිපී තිබුනද කියාවත් ගස් හැඳී තිබුනද කියාවත් මතක නැත මට ගියත් ගැඹුරට මතක අතරින් රිංගමින්.. ඒත් හඳ කොන එක මලක් හිඳ කතා කෙරුවෙ ආයේමත් මට සුවඳ දෙන්නට ජීවිතේ වැහි බිංදු පිරි අහස් තලයම අපි දිහා හොරැහින් බලා සිහින් මල් පැණි ඉසින්නට වුනි අඳුර තව කොණකින් එවා අපිට අප තනිකර දමා එක්කරන්නට යැයි සිතා පෙනෙන මානෙක පෙනුනෙ මා හට ඔබේ ඒ රුව පමණකී ඇසෙන මානෙක ඇසුනෙ මා හට ඔබේ ඒ හඬ පමණකී එවන් සුන්දර මොහොතෙදී දැනුනේ මට ඔබ පමණකී වැහි බිංදු සැර වෙද්දි අපි අපිට ළං වෙද්දි මට හොරෙන් මගේ හද ගිහින් නුඹේ හදවතට රහසක් කියා මගේ ගත නුබෙ ගතේ වෙළුනේ උණුසුමක් ඇති තැන් සොයා.. සුළං රැලිවිත් වැහි බිංදු ගෙන නුබේ තොල්පෙති තෙමෙන විටකදි ඒ බිංදු වල රසය සෙවුමට මගේ තොල් පෙති...