සීතාවක


ලැබුනොතින් දවසක්
යන්න අතීතෙට
ගිහින් එන්නට
ලැබුනොතින් මොහොතක්
හිතේ හිරවුනු හැඟුම් පොදියක
රසය ආයෙත් බලා එන්නට
ලැබෙන ඒ පොඩි
මොහොත වූවත්
විඳින්නෙමි යලි
නොයෙන අයුරින්

වැස්ස කොහොවත් නොතිබු දවසක
අතීතයෙ තිබු නැවුම් මොහොතක
විඳින්නට අපි ජීවිතේ
අඩි තියා අපි
තටු සලා අපි
ගියේ අපි ඒ මාවතේ

මල් පිපී තිබුනද කියාවත්
ගස් හැඳී තිබුනද කියාවත්
මතක නැත මට
ගියත් ගැඹුරට
මතක අතරින් රිංගමින්..
ඒත් හඳ කොන
එක මලක් හිඳ
කතා කෙරුවෙ
ආයේමත් මට
සුවඳ දෙන්නට ජීවිතේ

වැහි බිංදු පිරි
අහස් තලයම
අපි දිහා හොරැහින් බලා
සිහින් මල් පැණි
ඉසින්නට වුනි
අඳුර තව කොණකින් එවා
අපිට අප තනිකර දමා
එක්කරන්නට යැයි සිතා

පෙනෙන මානෙක
පෙනුනෙ මා හට
ඔබේ ඒ රුව පමණකී
ඇසෙන මානෙක
ඇසුනෙ මා හට
ඔබේ ඒ හඬ පමණකී
එවන් සුන්දර මොහොතෙදී
දැනුනේ මට ඔබ පමණකී

වැහි බිංදු සැර වෙද්දි
අපි අපිට ළං වෙද්දි
මට හොරෙන් මගේ
හද ගිහින් නුඹේ
හදවතට රහසක් කියා
මගේ ගත නුබෙ ගතේ වෙළුනේ
උණුසුමක් ඇති තැන් සොයා..

සුළං රැලිවිත් වැහි බිංදු ගෙන
නුබේ තොල්පෙති
තෙමෙන විටකදි
ඒ බිංදු වල 
රසය සෙවුමට 
මගේ තොල් පෙති පැන ගියේ
තව සුළං විත්
වැහි බිංදු පිස දාවියෑයි
සිතුනා නිසා

ඈත ගව් ගනනක් දුරින් මන්
මාළිඟාවක් පොඩියට තනා
රැඳී සිටියේ දොරකඩටවිත්
ඔබේ රුව එයි යැයි බලා
හීනයක් අතරින් වගේ නුඹ
ආවේ සිනහව මුව දරා
සඳලුතලයේ කෙලවරට වී
සිටියෙ අපි තුරුළට වෙලා

වලාකුළු ඈතට ගිහින් ඉර
උදා වෙන තුරු සිටි වෙලා
කොතරම්ද යැයි කියා කියුමට
සිතන්නටවත් නොහැක මා හට
සිහින් ඉර එලි වැටෙන වේලෙදි
මල් මැදින් අපි පියබගෙන ගියෙ
සුවඳ රොන් රස බල බලා
ආයෙමත් එන්නට සිතා ගෙන
මතක පොදි තව බැඳ තබා

ආයෙමත් යන්නට තියේනම්
හරියටම ඒ
දවසෙ මොහොතට
කකුල් පැටලී ඇඳී වැටුනත්
තටු සිඳී බිම
පතිත වූවත්
තියෙන වීරිය අරන් නැවතත්
යන්නෙමි මම
වැහි බිංදු පිරි
කොපුල් සිපගෙන
ඒ ගතේ තිබු සුවඳ විඳගෙන
තොල් පෙතිම සිප
රසය විඳගෙන
එන්න නැවතත්
මල් පිපුනු ඒ මාවතේ
රැඳී විසිරී තිබෙන
මතකය
අහුලගෙන ආයෙමත් එන්නට...




Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය