Posts

Showing posts from November, 2020

විෂ්ණු දෙවියො ඇවිත් වාට්ටුවට

Image
ඩොක්‍ටර් ! ඩොක්ටර් ! මිස් ආවේ දුවගෙන Patient කෙනෙක් ඇවිත් ඩොක්ටර්  යන්තන් ඉඳ ගන්න හදපු මාව නැගිට්ටුනා එක පාරට ඒ පාර කවුද ? කියාගත්තා මන් මටම පෝලිමටම ලෙඩ්ඩු ඇවිත් නැවතුනේ ටිකකට කලින් කමක් නෑ ආයේ යනවා නලාව ගත්තෙ අතට අහ් මේ පොඩි පැටියෙක්නෙ අමතක උනා මට ඉන්නේ ළමා රෝහලේ කියලා ටිකට් එකේ වැඩ ඉවරද මිස්? මිස් හෝ ගාලා පුරෝනවා කඩදාසී කෝ බලන්න...! චූටි පැටියෙක්  ඉන්නවා තුරුලු වෙලා සුදු පාට රෙද්දකින් එතිලා පේන්නෙවත් නෑ මූණ ඇස්වහ වදියි කියලද මගේනම් ඇස් වහ නෑ ඔන්න කෝ බලමු මූණ..! සුදු රෙද්ද ඇතුලේ හිටිය චූටි සුදු බබෙක් ඇස් යන්තන් පියාන තොල් කට වේලීගෙන හමත් ඇදිලා ගිහින් අමාරුවෙන් හුස්ම අල්ලන් "ඩොක්ටර් " කියලා කතා කලා මොකද උනේ අම්මා දෙන්න බලන්න ඔය පොත් ටික ඔක්කොම කියන්නත් කලියෙන් පිටු හතළිහේ පොත් ගොන්නක් තිබ්බා මගේ අත් දෙකෙන් ළමයාම වගේම අම්මාත් ඇදිලා ගිහින් "මොකද උනේ අම්මා කියන්න බලන්න ආයෙත්.." කොඳරපු වචන ටික ආයේ අහන්නට උනා මට කැස්ස ඩොක්ටර්  දවස් දෙකක ඉඳන් රාංරූං ගානවා කොහොම හිටියත් පපුවේ ලෙඩෙත්  තියෙනවානෙ ඩොක්ටර්  ඔක්සිජන් ටිකක් දෙමු දුම් ටිකකුත් අල්ලමු අම්මා දන්නවනෙ ලෙඩේ හැටි ඉතින් ය

පින් ඇති පුතෙක්

Image
  මුළු ඉස්පිරිතාලෙම පාළුවට ගිහින් මේ වසංගතයත් එක්ක. ඇඳිරිනීතිය දාලා හින්දා පාර ළඟම හොස්පිටල් එක තිබ්බත් කිසිම වාහන සද්දයක් නෑ. වේලාව හවස හතර පහු උනා විතරයි. වෙනදා මේ වෙනකොට හදිසි අනතුරු අංශය කියන්නේ මිනුස්සු කකුල් අතපය කඩාගෙන තමන්ව බලන වාරේ එනකන් ට්‍රොලි වලට වෙලා කෑගගහා පිරිලා ඉන්නවා. එක එක් විදිහේ එක එක වයසේ මිනිස්සු. අදට ඇඳිරිනීතිය දාලා මාස තුනක්, එක් දිගටම. වැඩියම එන්නෙ වාහන අනතුරු නිසා ගෙදර ඉඳන් මිනිස්සු අනතුරු කරගෙන එන්නෙ නැති එකත් පුදුමයක් නෙම්. මම ඉඳන් හිටිය තැනින් නැගිටලා වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු කීප දෙනා මොනවද කරන්නෙ කියලා යන්තන් බලාගෙන කොරිඩෝව දිගේ ගියේ පාර දිහා බලන්න. වාට්ටුවෙ දොර ගාවින් යද්දිම තමා මෙච්චර වෙලා ඔළුව මේසේ තියන් හිටිය වාට්ටුවෙ මිසුත් ඔලුව උස් කරලා බැලුවේ. නිදාගෙන ඉන්න ඇත්තෙ කියලා මන් මටම කියාගෙන ඉස්සරහට ගියා. වාට්ටුවත් එක්ක තියෙන කොරිඩෝවෙ පොඩ්ඩක් ඇවිත් ආයේ දකුණට හැරුනාම තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ හොස්පිටල් ඇතුලට එන ලොකු දොර ළඟට යන්න. හදිසියේම එළියට එන්න හිතුනේ ඇයි කියලා මටවත් මතක නෑ. මම හිමිහිට දොර දිහාට ගියේ කම්මැලිකමයි ඇඟට දැනුන විඩාබර ගතියයි හින්දා පොඩ්ඩක් අත දෙ

මනමේ

Image
වලේ එක කෙලවරක අයිනේම පේළියක පිණි බිංදු වැටුන ඒ සීතලම සැදෑවක... නුබේ කෙස් කැරළි විත් මගේ ගෙල කිති කවපු තරමටම ළඟට වී... නුබේ උණුසුම් සුසුම් සීත රැලි පරදවා උණුසුමෙන් මගේ මුවේ ගැටෙන්නට ළඟටවී.. මතකද අපි බැලුවා මනමේ... වැදි රජා විත් කඩුව අරගෙන පැන්න වේලේ කුමරු පැත්තට බයට ගැස්සී අතක් අරගෙන ඉන වටෙන් දා තුරුලු වී උරහිසෙන් නුඹෙ මුහුණ තියලා ළඟට ආහැටි තාම මතකයි ඉවර උන විට නාට්‍යය අතින් අල්ලන් ඇවිද ගොස් හිල්ඩා කුමරිට බාරදී පාරේ නොපෙනී යනකම්ම මන් නුඹ හිටියා දොරකඩ වෙලා කවුද හිතුවේ මුලින් බැලු ඒ කතාවම ඇත්තක් වෙයි කියා මට වඩා වැදි රජ හොඳයිනම් තරඟ කරලා කුමක් ගන්නද ගිලිහිලා ගිය මලක් නටුවෙන් නෑ එන්නෙ යළි ගස සොයාගෙන වලට ආයෙත් එනවා මනමේ  මනමේ කුමරිය වෙයි ආයෙමත් නුඹ දැන් මම වලේ එක් කෙලවරක පිණි බිංදු වැටෙනා සැදැවල් වල කලින් හිටියට අනිත් පැත්තේ පේළියක අයිනේම ඉඳ නුඹේ කෙස් ගස් සුළඟකින් විත් වැටෙන දුරටත් එහා ඉඳගෙන.. බලනවා මනමේ  කුමරුත් නෙමේ මම වැදි රජත් නෙමෙ මම ඒත් නුඹනම් තවම එතැනයි වැදි රජෙකු හට තුරුළු වීගෙන..