කෑම ට්‍රොලිය


උදේම යන්නෙ වෝඩ් එකට
කැන්ටිමෙන් කාලා බනිස් ගෙඩියක්
ටී එකක් බොනවා
තිබ්බොත් තව විනාඩ් පහක්

සර් එන්නට කලින්
ගන්න ඕනේ හිස්ට්‍රි ඔක්කොම
සමහර දවස් වල
එක ඇඳේ දෙන්නයි
එක කොනෙන් පටන් ගෙන
අනිත් කොනට යනකොට
පැය දෙක තුනක්නම්
යනවා කොහොමත් හැමදාම

ඉඳගන්න මොහොතක්
ලැබීමත් හීනයක්
දැනුන වාර අනන්තයි
ඉඳගන්න බිම උනත්

නමේ ඉඳන් රස්සාවත්
ලෙඩේ හැදුන දවසෙ ඉඳන්
වාට්ටුවෙ කරපු දේවලුත්
අකුරු වැල් ගැට ගගහා
පුරෝනවා පොත් ගොඩක්

අහන්නේ එක දෙයක්
කියන්නේ එක දෙයක්
තරහා ගන්නේ කොහොම
සිනාවක් මුව තියන්
අහන් ඉන්නවා මිසක්

හොඳම හරියයි දැන්
එන්නෙ මේ ළඟ ළඟම
සර් ඇවිත් තව පැය දෙකක්
වාට්ටුවේ වට ගොඩක්

අපිට කියු දේවල්
සීයලට අමතකයි
වෙන මොනවදෝ ගොඩක්
සර්ට මුමුණලා කියයි

ඉර බැස්සත් නැගෙනහිරින්
බැනුම් නැති දවසක් නැතු තරම්
දැන්නම් හැමදේම
අපිට දැන් පුරුද්දක්

එකොළහ පනිද්දි බඩ කැගහන්නෙ
කෑම ඉල්ලා කෑ මොර දෙන්නෙ
බැරිම තැන බඩ පවා
නිස්සද්ද වෙන්නේ

තව පැයක් කොහොමහරි
ඉවසගෙන ඉන්නකොට
එනවා හොඳ සුවඳක්
වාට්ටුවෙ කොණකින්

මේස පුටු ඇඳවල්
බෙහෙත් ට්‍රොලි අතරින්
එනවා තව ට්‍රොලියක්
ඩක ඩක ගාමින්

"කෑම ඕන අය එන්ඩලා"
කෑගහනවා ඇටෙන්ඩන්ට්
සීයලා පිඟන් අරගෙන
යනවා කූඹියො වගේ
මමනම් තාමත්
හිස්ට්‍රියක මුල හරියෙ

සුවඳ එනකොට නහයට
උනනවා කෙළ කටට හරියට
පොතෙන් කට වහගෙන
කෙල ගිලිනවා මම හොරට

තම්බපු බණ්ඩක්කා බෝංචි සහ මාළු
වට්ටක්කා ලොකු කුට්ටි
රතු කැකුළු බත් එක්ක
අතුරුපසට ගස්ලබු

හැමදාම දොළහට
බඩගින්න වැඩි කරන
කෑම ට්‍රොලියයි අපේ
නෙලාගන්නට නොහැකි
බලාගෙන වැලපෙන
වාට්ටුවේ සිහිනේ...



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය