Posts

Showing posts from 2019

අම්මා

Image
නිරිත දිග මෝසමට රතු වෙච්ච නිල් අහස කළු වෙන්ඩ වෙර දරයි ඇත්තක්ම වෙන්නටම රාත්‍රිය ගලාවිත් රැදුනේ ගෙයි දොරකඩම ඉඟියකින් දැනිලාද සැබැවින්ම දැකලාද බිත්ති මත රැඳුන ඒ වහල යට සිටිය ඒ මගේ හිතට අරක් ගත් පාළුවත් තනිකමත් සිහින් සර නගා ආ සුළං රැලි චණ්ඩ වී ඔච්චමක් කරමින්ම ගේ තුලින් හමන්නේ කුටි දෙකක හිටියමුත් ඔබෙ සුවඳ දැනෙනවා අම්මේ ඔබෙ පොඩි පුතා නිදන්නට වැටෙනවා කාමරේ වහලයේ තිබුන ඒ වීදුරුවේ පෙනුනේ දිය සෙවල හා අඹ ගහේ කොළ දෙකක් සිහින් පිනි බිඳු ඇවිත් දෝරේ ගලනා විටදි නොදැනීම නිදි වැදුනෙ විඩාවට හිත ඇතුලේ මැදියම් රැය ළඟා වෙද්දි හෙන පුපුරන ඒ සද්දෙට මම ඇහුරුනෙ සසල වෙලා හා පැටියෙක් පරිද්දටම ලාම්පු එළි නිවී ගොසින් එළිය කවිද අරන් ගිහින් ඇස් ඇරියත් මම දැක්කේ කාපා දැමිය හැකි කළුවර කරදඩු උස් මහත් උනත් දවල්ට චණ්ඩියෙක් උනත් හොඳටම මම කළුවරේට තාමත් මම බයයි අම්මේ හෙන පුපුරන සද්දෙ මැදින් ගොරවන ඒ හඬ අතරින් ඔබේ තුරුලේ සැඟවෙන්නට අම්මේ මාව ළඟට ගන්ඩ ඔබේ උණුසුම අතරෙ ඉදගෙන තනි ඇහැක් ඇර ඇස් කොනින් මම අහස දෙස බැලුවත් අම්මේ දැන් දැනෙන්නේ නැත බියක් මා හට හා පැටියෙක් වගේ බයෙන් ගුල

සුදු ගවුම

Image
නොවැම්බර අග උනාට මේ අවුරුද්දේ වැස්ස නොහිතපු විදිහට තමා ආවේ. වෙනදාට මෙච්චර වහින්නේ නෑ. කුඹුරු යායම සුදු පාටට වතුරෙන් යට වෙලා. එකට යන්නෙ නැතුව ඉක්මනට ලොකු වෙන්න හදපු ගොයම් ගස් වල කොල විතරක් අතරින් පතර වතුරෙන් උඩට ඇවිත්. වැස්ස යන්තන් අඩු කරපු හින්දා කුඹුර බලන්න ගිය ශිල්පකාන්ත දැක්කා ඒ ගස් වල උඩ චූටි පිණි බිංදු රැඳිලා තියෙනවා. ඈත කන්දේ පැත්තෙ ඉඳන් ආපු හුළඟත් එක්ක ඒ බිංදු ආයෙම වතුරට වැටෙනවා. ඒත් ඒ බිංදු ගහ යට කරන්න තරමට වතුර වැඩි කරන්නෙ නෑ. මුළු නියරත් වතුරෙන් වැහිලා. සෙරෙප්පුත් දාගෙන නැති ශිල්පකාන්තගෙ කකුල් සුදුවට පෙනුනා වතුර අස්සෙන්. නියර දිගේම ඇවිත් වත්තට ගොඩ වෙලා ශිල්පකාන්ත කෙලින්ම දිව්වෙ ගෙදරට. ගෙදරට ඇවිත් දොර වහන්න කලින් ඉස්සරහ බැලුවාම පෙනුනේ පාරේ අයිනෙ වැටේ තිබ්බ සපු ගස් ටික හුළඟට වැනෙන විදිහ. සපු කොල කඩන් ඇවිත් මිදුලට වැටෙනවා. වේගෙන් ආපු කොලයක් ගෙට ඇතුල් උනේ දොර ඇරලා තිබ්බ හින්දා නිසා දඩාස් ගාලා දොර වහලා ශිල්පකාන්ත ආව ගේ ඇතුලට. "අම්මේ, අක්කලා ආවේ නැද්ද ? " "ආවනම් උබට පේනවනෙ. මඟ එනවා ඇති" දයාවති කුස්සියෙ ඉඳන් කෑ ගහලා කිව්වා. ශිල්පකාන්තට ඉස්කෝලේ අක්කට කලින

වතුර බෝතලය

Image
මට මතක් කරන්න පුළුවන් ඒ අදුරු දවස.මම එතකොට දෙකේ තුනේ වෙන්ඩ ඇති.සමහර විට එකේද මන්දා.ඇත්තටම කිව්වොත් ඒ කාලේ මට තිබුනේ නැහැ ඉස්කෝලේ අරන් යන්ඩ වතුර බෝතලයක්.මම අනිත් ළමයි අරන් එන පාට පාට වැඩ දාපු එක එක වර්ගයේ වතුර බෝතල් දිහා බලන් ඉන්නවා.පොඩි කාලේ උනාට තරමක් දැනුමක් තේරුමක් තිබුනේ නැත්තෙමත් නෑ.ඊටත් වඩා අත්දැකීමෙනුත් දන්න හින්දා මම දන්නවා කවදාවත් අම්මාගේන් ඉල්ලුවට ඒවායින් එකක් අරන් නොදෙන බව.ඉතින් මාත් ඒ දිහා බලන් හිටියා මිසක් කිව්වේ නෑ ඕ වගක් කාටවත්.මතකයි ළමයෙක්ගේ වතුර බෝතලයක් ආසාවට ඇල්ලුවා කිය්ලා මට හොදටම බැන්නා.දන්නේ නැද්ද ඉතින් පොඩි කාලේ කවුරුත් එහෙමනේ.නමුත් ඒ වගේ වෙලාවකට හිතට දැනෙන දුක,සිතුවිලි විස්තර කරන්න අමාරුයි.උගුර හිර වෙන ගතියක් දැනෙනවා.කකුල් වෙව්ලන්න ගන්නවා.උණුසුමකුත් එක්කම ලොකු සීතලකින් ගත හිරි වැටිලා යනවා.මොනා කියලා කරන්ඩද ඉතින්. ඔන්න එක දවසක් මට වතුර බෝතලයක් ලැබුනා.ඒ අක්කගෙ පලවෙනි පඩියෙන් කියලා යාන්තමට මතකයි.ඕ කියන කඩේ තිබුනේ ගෙදරට ටිකක් එහා පැත්තෙන් පල්ලමේ වෙන්ඩ.පල්ලැහෑ කඩේ කියලා තමා කිව්වේ.දැන්නම එතන ලොකු ගෙයක් හැදිලා.ඉතින් අක්කා එක්ක වෙනදත් මම කඩේ යනවා.ඒ උනාට අක්ක යන්ඩ එන්ඩ

කනේරු

Image
"අක්කෙ අම්මා කතා කරනවා" මල්ලි දුවන් ඇවිත් කාමරේ දොර රෙද්ද වහලේ ගෑවෙන්න තරමට උඩට විසි කරලා මට කතා කලා. මම හිටියෙ ඇඳේ අනිත් පැත්තට දිගා වෙලා පොතක් කියව කියව. ඔලුව යන්තමට හරෝලා "හා එන්නම්" කිව්ව මම ආයේ කලේ පොත කියවන්න පටන් ගන්න එක. ඔළුව කෙලින්ම ඉස්සුවාම ඉස්සරහින් ඈතින් තියෙන්නෙ වෙල පල්ලෙහා. ඈතට ඈතට පේනවා. ඊට කලින් තියෙන්නෙ පහල වැටට වගේ හිටෝලා තියෙන පුවක් ගස් ටිකයි ඊට කලින් තියන ලොකු අඹ ගස් දෙකයි. චුට්ටක් වෙලා බලන් ඉන්නකොට මට පෙනුනේ කපුටු ජෝඩුවක් ළඟට වෙලා ඉන්න හැටි. අහලා තියෙන විදිහටනම් එක කපුටෙක් මැරුනාම අනිත් කපුටා ජීවිත කාලෙම තනියෙන් ඉන්නවා කියලා. ඇත්තද බොරුද දන්නෙ නෑ. මට පෙනුනේ උන් දෙන්නා සතුටින් ආදරෙන් ඉන්නවා කියලා විතරයි. විනාඩි කීපයක් ඇතුලේ උන් දෙන්න පියාඹලා කොහෙදෝ ගියා. උන් ගස් වලට වැහිලා නොපෙනිලා යනකන් මම බලන් හිටියා. ජනේලේ ළඟම හින්දා වෙලේ ඉඳන් එන හුළං අඹ ගස් දෙකේ වැදිලා කෙලින්ම එන්නේ මගෙ කාමරේට. කාලෙකින් වැස්සේ නැති හින්දා ඒ හුළං හරි වියළියි. මගෙ තොල්පටත් වේලිලා ගිහින්. පොත කියවන එක පැත්තක තියලා මම යන්න හැදුවේ කුස්සියට වතුර ටිකක් බොන්න. එතකොට තමා මතක් උනේ