Posts

Showing posts from April, 2016

අහස පොලොව වටපිටාව

මට මතකයි මම මේ ගීතය සෑහෙන ඉහත අතීතයක පොඩි රූප රාමුවක දැකලා තියෙනව.නමුත් මම හිතුවේ නෑ කවදාත් මම ඔබ වෙනුවෙන් මේ දේ ලියයි කියලා.ඔබ දැකපු වෙලේවත් ඔබ හමු වුන මොහොතේවත් හිතුවේ නෑ.ඒ තියා ඔබ තුරුලට පලවෙනි වතාවට ආපු වෙලේවත් හිතුවේ නෑ.නමුත් කාලය ඔක්කොම දේවල් වෙනස් කරලා මගේ හිතේ..ඔබේ වචන ඔබේ කතා බහ ඔබේ සිනහව ඔබේ ලස්සන ඇස් දෙක ඒ තියා ඔබේ සිතුවිලි , මේ හැමදේම මගේ හිත වෙනස් කරන්න උදව් වෙන්න ඇති. ඉතින් මේ ත්රම් වැඩ තිබුනත් ඒ ගීතය මගේ සවනට වැකුන වෙලාවේ ඉදන්ම මඒ හිත මටම කිව්ව මේ ඔබ ගැන නේද කියන්නෙ කියලා.. මට මේ මුළු ලෝකෙම ඇත්තටම හිස්බවක් මුඩු ගතියක් දැනෙනවා මම ලෝකේ කොතැනකට ගිහින් බැලුවත් කොයි විදිහට බැලුවත් ඒකේ සෑබෑ ලස්සනක් නෑ කියලා හිතෙනවා. ඒ වගේම තමා දැන් උනත් ඔබ මම ළග නොමැති වෙලාවය මේ මුළු ලෝකෙම පාලුයි කියලා දැනනවා.ඒ හින්දා වෙන්න ඇති තනියම ඉන්න බැරුව අඩු තරමේ ගෙදර හරි තකහනියේ දුවන්නේ.ඉතින් ඒ වගේ වෙලාවට මම හිතින් ඔබව මතක් කරාන්නව ඔබේ පරන කෙටි පණිවිඩ ආයේමත් බලනව.මම හිනාවෙනවා.වෙලාවකට සතුටු කදුළු එන්නේ නැත්තෙමත් නෑ..මම කියනවා ඔබට මම ලගට එන්න කියලා.ඒත් ඉතින් ඔබ මට ගොඩක් දුරින් ඉන්නෙ කියලා දැනුනම ටිකක

පැදුර

මට ආසයි පන් පැදුරක නිදා ගන්න..නැත්තම් පොල්කොළ පැදුරක් වුනත් කමක් නෑ..ඒ මතක් වෙනකොටම මාව සෑහෙන අතීතයකට විසිවෙලා යනවා.මට මතකයි අපේ ගෙදර ලොකු මාගලක් වගේ පැදුරක් තිබුනා..පුදුමේ කියන්නේ අද බැලුවොත් ඒක දෙන්නෙක්ට හැරෙන්නත් මදි.ඒ වුනත් ඒ කාලේ ඒ පැදුරේ හය දෙනෙක් නිදා ගත්තා.. පැදුරේ නිදන් ඉද්දි වෙලාවකට මුනින් අතට හැරෙනවා කොන්ද රිදෙන හින්දා.ඒතකොට නහය කෙලින්ම පැදුරේ වදිනවා.මොකද තිබ්බ දාංගලේ හින්දා කොට්ටේ කොයි වෙලෙත් ඔළුවෙ තිබුනේ නැති නිසා.ඉතින් දවස පුරාවට රෝල් කරලා පැත්තක තියෙන හින්දත් ගොඩක් දෙනෙක් නිදා ගන්න හින්දත් බිම එලුවායින් පස්සේ ගොම පොලවේ තෙතමනය හින්දත් මාරම අමුතුම සුවඳක් නහයට දැනෙනවා.. ඒ සුවඳ මට හොඳින් මතක් කරන්න පුළුවන්.නාස් පුඩු තුලින් මුළු ඇඟ පුරාවටම විහිදිලා යනවා.පොඩි කාලෙ තියෙන ආසාවට මම ඉඹලත් බලනවා. පැදුරේ නිදනකොට කොන්දට හරි වේදනාවක් දැනුනා වගේ මතකයක් තියෙනවා..ඒ වුනත් අවුරුදු ගානක පුරුද්දත් එක්ක සනීපයක් සුවපහසුවක් මිසක් වේදනාවක් දැනෙන්නෙ නෑ.. හිතා ගන්න අමාරුයි ඇයි අද මට හදිසියේම පැදුරක් ගැන මතක් වුනේ කියලා.නමුත් මතක් කරගෙන යද්දි අවසානේම කොනක පැදුරේ අයිති කාරයා හිටියා. දැන් පන් කියන

බලාපොරොත්තුව

යදම් වැල් දම් බිදුනු සැණැකින් සියුමැලිව අත් තටු සලා සියත ගඟනත සැරි සැරූ මා ඉමක් නොපෙනෙන තරම් විනිවිද පෙනුනුමුත් මට තෙරක් නොපෙනෙන අහස් ගව්වේ අතරමං වී මං මුලාවූ සිටින සඳ මා මුණගැසුනු ඔබේ ළබැඳි දෙනුවන සිහින් ගී සර සිනිදු මුව පෙති තරින් මා ඔබ තබා ගත් විට සූමුදු අත්තටු තැලුනෙ නැති මුත් අනන්තය තෙක් දුර පෙනුන මුත් පැන දුවන්නට හිතක් නැති විය තෙරක් නොපෙනී අයාලේ ගිය එකල නොතිබුනු වැසුනු මාවත් පෙනෙන්නට විය ඔබත් සමගින් පසුකරන් ආ විසල් මාවත බොහෝ දේ විය ලබා ගනු බැරි ඉදිරි මන් පෙත ඔබත් සමඟම පියමනින්නට හැකිය දැන් මට නමුත් මා හට සිතන්නට බැරි ඉවත් කෙරුවේ ඇවිත් ඔබ මගේ තිමිර පටලද දෙනෙත් මත වූ සළුද මිහිදුම් අහස් ගැබ වූ