මුල් ගුරුතුමී



මට ගුරු ගීතය ලියන්නට නොහැක.හරි පුදුම ඉස්කෝලේ ලියන්නටද නොහැකිය.නමුත් මට ඇය ගැන යමක් ලියන්නට හැකිය.
ඇය විවාහ ගිවිස ගත් නිසා දින කිහිපයක්ම පාසැල් ආවේ නැත.ගේට්ටුව ළඟම වූ පන්ති කාමරයේ මම සිටි නිසා ඇයගේ පැමිණීම සැමදා බලා සිටියෙමි.ඇය ඈතින් එන විට පන්තියේ එවෙලෙට ඉන්නා සියල්ලොම ඈ පෙර මගට දුවන්නේ ඇගේ අත් බෑගය රැගෙන ඒමටයි.ඒ දින කිහිපයේ මා තුල වූ පාළුව හා හැඟීම්බර ස්වභාවය ඇති වුයේ කුමක් නිසාදැයි නොදන්නා නමුත් ඒ සියලු ගති පලා ගියේ සතියකට හෝ දෙකකට පසු ඇගේ නැවත පැමිණීමත් සමඟය.
ඇයගේ කටහඬ වූ කලී මා හට ප්‍රිය උපදවන්නකි.ඇගේ ගමනත් සිනහවත් මා බලා සිටියෙමි.ඈ තුල වූ කරුණාවන්ත බව මා තුල ඈ කෙරෙහි සෙනෙහෙබර බවක් ඇති කිරීමට හේතු වූවායැයි කිවහොත් නිවැරදිය.
මා ඇය දැනගැනගත්තේ බොහෝ කලකට පෙරය.ඇය සමඟ ඇගේම සිසුවෙක් වී මා අවුරුදු දෙකක් කල් ගත කලේය.ඒ කල තුල ලබා ගත්තා වූ යම් දෙයක් ඇත්තේද අද මම මා දෙස නැවත් බලද්දී මා තුලින් ඒ ලබා ගත්තා වූ දේ මට බලා ගත හැකිය.
ළමයින් සියයකට හෝ ඒ ආසන්න ගණනකට සීමා වූ පාසැලේ ගුරුවරුන් වූයේ දහයක් හෝ එවැනි ගණනකි.ඒ අතුරෙන්ද මා අකුරු උගත්තේ ගුරුවරුන් පහකගෙන් පමණි.ඇය ගුරුවරියක් වූයේ ඇය මගේ මව නොවූ නිසාදෝ කියා මට සිතෙන්නේ ඇය මට මවක් ලෙස වුවද අර්ථ දැක්වීමට හැකි නිසාවෙනි.
දැන් කාලය කෙසේ වෙතත් ඒ කාලයේ තිබු සුන්දර ළමා කාළය තුළින් නැවතත් ගියහෝතින් මා මාගේ ඒ පන්ති කාමරය තුල මොහොතක් නොව පැය කිහිපයක්ම ගත කරනු නොඅනුමානය.පන්තිය ළගම වූ කොට්ටං ගහේ ගෙඩිද ඊට එහා පැත්තේ වූ වෙරළු ගස්ද සියඹලා හා ඇඹිල්ල ගසත් අඹ ගස්ද අපි පොරකමින් ගෙඩි කෑ ගස්ය.මේ අතරින් කොට්ටං ගෙඩි කද්දි ඇය අපි සමඟ එකතු වී ඒවා කෑ සැටි මට මතකය.
මතක හැටියට අපේ පන්තියේ ළමුන් සිටියේ පහළොස් දෙනෙකි.මා ඒ අතරින් ඇයට විශේෂ කෙනෙකු නොවීය.නමුත් මගේ පාසැල් දිවියේ මා ගුරුවරුන් සෑහෙන ගණනකගෙන් අකුරු උගෙන ඇති අතර ඒ අතුරින් ඇය මට විශේෂ පුද්ගලයෙකි.
ඇය උදෑසන ළමෝ අමතන්නීය.නිතරම මුවේ රැඳි සිනහව සමඟින් ඉදිරියට එන ඇය තරමක් ලැජ්ජාශීලිය.ඒ බව මා තේරුම් ගන්නේ ඇය රැස්වීමේදී කතා කරන්නේ සෑහෙන කලකට පසු බැවිනි.
මම ඇයව සෙවිය යුතුය.නැතිනම් මා ප්‍රමාද විය හැකිය.ඇගේ නැවත හමූ වීම මාගේ දෙනෙත් තෙත් කරනු බව මා දන්නා අතර මා එයට කැමති වන්නේ ඇය වෙනුවෙන් කදුළු බිඳුවක් හැලීමද ගෞරවයක් වන නිසාවෙනි.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය