බලාපොරොත්තුව
යදම්
වැල් දම් බිදුනු සැණැකින්
සියුමැලිව
අත් තටු සලා
සියත
ගඟනත සැරි සැරූ මා
ඉමක්
නොපෙනෙන තරම් විනිවිද
පෙනුනුමුත්
මට
තෙරක්
නොපෙනෙන අහස් ගව්වේ
අතරමං
වී මං මුලාවූ
සිටින
සඳ මා
මුණගැසුනු
ඔබේ ළබැඳි දෙනුවන
සිහින්
ගී සර
සිනිදු
මුව පෙති
තරින්
මා ඔබ තබා ගත් විට
සූමුදු
අත්තටු තැලුනෙ නැති මුත්
අනන්තය
තෙක් දුර පෙනුන මුත්
පැන
දුවන්නට හිතක් නැති විය
තෙරක්
නොපෙනී අයාලේ ගිය
එකල
නොතිබුනු වැසුනු මාවත්
පෙනෙන්නට
විය ඔබත් සමගින්
පසුකරන්
ආ විසල් මාවත
බොහෝ
දේ විය ලබා ගනු බැරි
ඉදිරි
මන් පෙත ඔබත් සමඟම
පියමනින්නට
හැකිය දැන් මට
නමුත්
මා හට සිතන්නට බැරි
ඉවත්
කෙරුවේ ඇවිත් ඔබ මගේ
තිමිර
පටලද දෙනෙත් මත වූ
සළුද
මිහිදුම් අහස් ගැබ වූ
Comments
Post a Comment