ගෙදර ඉන්න චුටි නංගිට



අහින්සකාවියක් වගේ කඳුළු බිංදු මුහුණ පුරා
ඇඟිලි තුඩක් මුව අතරේ තබා දෙනෙත මවෙත යොමා
කොමළ ගතින් හිත අරගෙන ගව්වක් දුර ඈත තබා
බලා සිටින්නේ ඔබ මා යනෙන ගමන ඉදිරි බලා

කැම්පස් කවි නුඹ දැක්කේ කොහෙන් නගේ මටත් හොරා
කවුද කිව්වේ බොරු සාක්කී මාගේ මේ දෑස වසා
බොරුවට කිව් ඒ දේවල් සිත අස්සක කොනක දමා
පුංචි සිතට ඕවා වැඩියි සිතන්නවත් සිතනු එපා

මා ඒ ගිය දුර යන්නට ඔබට නොහැකි උනා නෙමේ
මා යනෙනා තැනට යන්ට ඔබට නොහැකි වෙනවා නෙමේ
මා යන තැන නොයා යන්ඩ ඔබට නියම උනා නෙමේ
ඔබ යන තැන වළක්වන්න කවුරුත් සිටියාද නෙමේ

සරසවියේ දොරකඩ දෙස ඈත අහසේ සිට බලනා
පුංචි නංගියේ පොඩ්ඩක් හිටපන් මන් ළගට වෙලා
ඈත ලෝකේ සුරපුරයක් නොවේ නඟේ නුඹ හිතනා
වරෙන් යන්ඩ අම්ම ළඟට අප දෙන්නට සුව සදනා

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය