අහස පොලොව වටපිටාව


මට මතකයි මම මේ ගීතය සෑහෙන ඉහත අතීතයක පොඩි රූප රාමුවක දැකලා තියෙනව.නමුත් මම හිතුවේ නෑ කවදාත් මම ඔබ වෙනුවෙන් මේ දේ ලියයි කියලා.ඔබ දැකපු වෙලේවත් ඔබ හමු වුන මොහොතේවත් හිතුවේ නෑ.ඒ තියා ඔබ තුරුලට පලවෙනි වතාවට ආපු වෙලේවත් හිතුවේ නෑ.නමුත් කාලය ඔක්කොම දේවල් වෙනස් කරලා මගේ හිතේ..ඔබේ වචන ඔබේ කතා බහ ඔබේ සිනහව ඔබේ ලස්සන ඇස් දෙක ඒ තියා ඔබේ සිතුවිලි,මේ හැමදේම මගේ හිත වෙනස් කරන්න උදව් වෙන්න ඇති.
ඉතින් මේ ත්රම් වැඩ තිබුනත් ඒ ගීතය මගේ සවනට වැකුන වෙලාවේ ඉදන්ම මඒ හිත මටම කිව්ව මේ ඔබ ගැන නේද කියන්නෙ කියලා.. මට මේ මුළු ලෝකෙම ඇත්තටම හිස්බවක් මුඩු ගතියක් දැනෙනවා මම ලෝකේ කොතැනකට ගිහින් බැලුවත් කොයි විදිහට බැලුවත් ඒකේ සෑබෑ ලස්සනක් නෑ කියලා හිතෙනවා. ඒ වගේම තමා දැන් උනත් ඔබ මම ළග නොමැති වෙලාවය මේ මුළු ලෝකෙම පාලුයි කියලා දැනනවා.ඒ හින්දා වෙන්න ඇති තනියම ඉන්න බැරුව අඩු තරමේ ගෙදර හරි තකහනියේ දුවන්නේ.ඉතින් ඒ වගේ වෙලාවට මම හිතින් ඔබව මතක් කරාන්නව ඔබේ පරන කෙටි පණිවිඩ ආයේමත් බලනව.මම හිනාවෙනවා.වෙලාවකට සතුටු කදුළු එන්නේ නැත්තෙමත් නෑ..මම කියනවා ඔබට මම ලගට එන්න කියලා.ඒත් ඉතින් ඔබ මට ගොඩක් දුරින් ඉන්නෙ කියලා දැනුනම ටිකක දුකයි ඉතින්,කොහොම උනත් මට ඔබ ලග ඉදිදිනම් ඇත්තටම පාළුවක් නැති තරම්..එවෙලේ මට දැනෙන සතුට වචන නෑ විස්තර කරන්න.

 "අහස පොළොව වට පිටාව හරිම හිස්තැනක් 
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඩා වැටෙන හද මඩලට 
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්"

ඇත්තටම ඔබව හමු වීමට කලින් මමත් හරියට සාම්ප්‍රදායික පෙම්වතෙක්.ආදරය හොය හොයා ඉගිල්ලුන සමනලයෙක්,ඒ වගේම ආදරයෙන් පැරදුන පරාජිතයෙක්..ඒතියා මගේ හිත හරිම කටුක කටෝර සෑහෙන කාලෙකින් දිය බිදක් නොදැකපු කතරක් වගේ..මම ජීවත් වෙන පරිසරය කොතරම් ලස්සන උනත් බලන්න කොයි තරම් දේවල් තිබුනත් අඩු තාමේ රාත්‍රී අහස රස විදින්නවත් බැරි කමක් තිබුනේ..ඒත් ඔබව හමු උනායි පස්සෙ මම ඒ හැම දේම වින්දා..ඒ හැම දෙයකම තියෙන සුන්දරත්වය මට පෙනෙන්න ගත්තා.

"කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නුදුටුමි මම ඔබේ සෙනෙහස ලබන තුරා.."

ඉතින් දැන් මම සතුටින්..ඔබ මගේ ජීවිතෙ එළිය කලා වගේ.හරිම ප්‍රාණවත් බවක් හරිම නිසං බවක් දැනෙන්න අරන්..දිනය පුරාවට මට ඔබව පුදුම විදිහකට මතක් වෙනවා..නමුත් දෙයක් කියන්න කැමතියි ඒ වෙලාවට මම හැගීම් බර වෙලා සියළු වැඩ අතැරලා ඔබව මතක් කරමින් කාලේ ගෙවන්නේ නෑ..ඔබව හිත පැත්තකින් තියන් මම් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා.මොහොතින් මොහොත ඔබ ඉන්නවද කියලා හොරැහින් බලන්නේ නැත්තෙමත් නෑ හැබැයි.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය