Posts

Showing posts from 2018

යක්කු

Image
"ඔන්න හිඟන්නා එනවා. අක්කා මට ඉස්සරහින් කිය කිය දිව්වා. මම පිටිපස්සෙන් කෑගහගෙන දුවන් එනවා. අක්කා ගෙදරට ඇවිත් වැහුවා දොර. මම එළියෙ ඉඳන් මර ලතෝනී තියනවා. පස්සේ අම්මා ඇවිත් අක්කට බැනලා දොර අරිනවා. මම ගැන ගිහින් අක්කට බනිනවා. " මේ මම පොඩි කාලේ හැමදාම වෙන දෙයක්. හැන්දෑවට කඩේ ගිහින් කළුවරේ ඉද්දි අක්කා බය කරනවා මාව. ඒ කාලේ හිඟන්නට තමා මම බයම. අම්මා මට කියලා තිබ්බේ එහා ගමේ ළමයි දෙන්නෙක්ම කෑම කන්ඩ බෑ කිව්ව හින්දා හිඟන්නෙක් ඇවිත් ගෝනියකට දාගෙන ගියා කියලා. ඉතින් ඒ තරම්ම පොඩි කාලේ නොවුනත් සෑහෙන කාලයක් වෙනකන්ම මම හිතුවෙ ඒක ඇත්ත කියලා. වෙලාව හවස හය පහු වෙලා. තාම හත උනේ නැති උනාට සෑහෙන කරුවලක් තිබ්බෙ. මම බස් එකෙන් බැහැලා ගෙදර යන්න හැදුවේ. වෙනදා ත්‍රීවීල් එකක යන මට අද හිතුනෙම පයින් ගියානම් හොඳයි කියලා. ඒ ඇඟට ලොකු මහන්සියක් තිබ්බේ නැති හින්දා වෙන්න ඇති. මම ත්‍රීවීල් නවත්තලා තියෙන හරියෙන් යද්දි හැම ත්‍රීවිල් එකකින්ම ඔළුව ගානේ ආවා එළියට. මම යන්තන් හිනා වෙලා ඔළුව පොඩ්ඩක් නැමුවේ අද මම පයින් යනවා කියලා දන්වන්න. ඒ අයත් ඒ සැනෙන්ම ආයේ ඉස්සරහ බලා ගත්තා. මමත් ඕවායේ යන තවත් එක මිනිහෙක් විතරක් නේද කි

ශ්‍රී ලංකන් ඩැනිෂ් ගර්ල්ස්

Image
වෙලාව පහට විතර තියෙන්න ඇති. මම හිටියෙ වැව රවුමේ ඇවිද ඇවිද. අව්වත් නැති වැස්සත් නැති අමුතුම අඳුරකින් නුවර අහස වැහිලා ගිහින්. වළාකුළු අස්සෙන් යන්තන් ඉර එළිය වැටෙනවා. වැව දිහා බලන් ඉන්න මට වතුරට එක පැත්තකින් ගෑවි නොගෑවි වැටෙන කහ පාට ඉර එළිය වතුරෙ යන්තන් වැදිලා මගෙ ඇස් වලට වැටෙනවා. ඒ අතරෙදි වතුරෙ උඩ පැන පැන ඉන්න මාලු ඒ ඉර එළියෙන් චුට්ටක් ඩැහැගෙන ආයේ වතුර යටටම යනවා. ඈත ඉඳන් පොඩි ළමයිනුයි ලොකු අයයි ඔක්කොම තරඟෙට මාළුන්ට පොරි දානවා. මාලු පොර කකා පොරි කන්න කට දික් කරන්නෙ හරියට අපි බස් එකෙ හොඳට හිර වෙලා යද්දි කොන්දොස්තරට සල්ලි දෙන්න අත දික් කරනවා වගේ. උන්ට අපිට වඩා කෑම හම්බ වෙනවනෙ කියලා හිත හිතා මාලුවො දෙන්නෙක් තුන්දෙනෙක්ටයි එතන හිටිය තව ළමයෙකුටයි කට අග්ගිස්සෙන් හිනා වෙලා එතන තිබ්බ පඩි දෙක තුනකුත් බැහැලා ආවේ පාර පයින්න කහ ඉර ගාවට. ඉරිදා හින්දද කොහෙද නුවර පිරෙන්නම සෙනඟ. මිනිස්සු තරම්ම වාහනත් තියෙනවා. මිනිස්සු එක එක ජාතියෙ ඇඳුම් ඇඳන්, හිනා වෙවී කතා කර කර ඇවිදිනවා හතර වටේම. ඒ අතරෙ සමහර අය සාප්පු වල දොරවල් ළඟට වෙලා මේකට යනවද නැද්ද කියලා හිත හිත හිමිහිට ඇතුළට ඔළුව දානවා. ඒ අතරින් ඕනේනම් එක්කෙනෙක

පරවුනු පොහොට්ටු

Image
මලක් නැතුවට සොඬින් අරගෙන නුඹත් ආවේ හීනෙකින්මයි රැජිණ නොවුනත් ලොකු රාජ්ජෙක හොයන් ආවේ මගේ කුසමයි ලොවම දිනු ලෙස දැනුනෙ මාහට කුසට ආ බව දැනගත්ත දා සිට පාරමි පුරමින් හිටියෙ මම නුබට මව වෙන දිනය එනතුරු පාට පාටින් ඇඳුම් පොඩි පොඩි එකතු වෙනවා ටිකෙන් ටික දිලිසෙනා මුතු පබළු වැල්දම් ගෙතෙනවා දැන් එකින් එක අඩිය තියනා වරක් පාසා මතක් වෙන්නේ නුබ ගැනයි ගැස්සෙනා හැම හුස්ම ගානේ දැනෙන්නේ මට නුඹ තමයි නුබේ සූකිරි පොඩි දෙපා වැදෙනවා මට දැනෙනවා රිදෙනවාදැයි සිත සිතා සිතත් මගෙ තැති ගන්නවා මාස ගණනක් ගෙවී ගෙන ගොස් මාස නමයක් පිරෙනවා නුබව දකිනා දිනය එන බව දැනෙනකොට හිත පිරෙනවා දඟල දඟලා ඉන්න නුබ මට මැවි මැවී දැන් පෙනෙනවා නුබේ අක්කයි අයියා දෙන්නම තිය තියා අත් බලනවා දිනක් හවසක කණකොකෙක් වහලය උඩින් පියඹා ගියා හිතුවෙවත් නැති වෙලාවක උබ දඟලන්නේ නැති වී ගියා මාස නමයට සතියකට පෙර උබ අපිව දාලා ගියා ඒ සතිය ඇයි ඉන්න බැරි උනෙ දුකින් හිත මගෙ දා ගියා ළමයි අඬනා සද්දෙ ඇහෙනවා උබ වගේමයි මගෙ පුතේ කිරි එරිලා මගෙ පපුව පිරිලා දුක තරමටම මගෙ හිතේ ඇඳුම් පොඩි පොඩි ගෙදර ඉඳගෙන උඹව අහනවා මගෙ පුතේ උබේ

හාරසීය

Image
දෙදාස් හතේ ඔක්තෝබර් මාසේ දහනම වෙනිදා. සිකුරාදා දවසක්. සුපුරුදු විදිහටම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙවී හිටියෙ මම. වෙනදා උදේ පාන්දරින්ම ඇහැරුනත් අද ටිකක් පරක්කු උනා නැගිටින්න. පෑවිල්ල හින්දා රස්නෙටයි මදුරුවො හින්දයි මුළු රෑම නැගිටලා වගේ තමා හිටියෙ මම. ඉස්සර පැදුරෙ නිදා ගන්නකොට ගොම පොළොවෙ සීතල ඇඟට දැනුනත් මේ ටිකේ ඒ සීතලවත් දැනෙන්නේ නැති තරමටම රස්නෙ වැඩියි. කොහොම උනත් උදේ හත හමාරට කලියෙන් ඉස්කෝලේ යාගන්න පුළුවන් තරම ලෑස්ති වෙන්න පුළුවන් උනා මට. ඉස්කෝලෙට ගියේ මම අක්කා එක්ක. හැතැප්ම එක හමාරක් විතර ඇවිදන් යන්න තිබ්බත් ඒක අපිට දැනෙන්නෙ නැති තරම්. එක හුස්මට දුවන්න පුළුවන් තරම් පදම් වෙලා හිටියෙ අපි. ගෙදරින් හැරිලා ගුරු පාරට ආවම එක කෙලින්ම තියෙනවා පාර. හැතැප්මක් විතර පේනවා දුර. ගුරු පාරක් උනාට වාහන් එහෙම යනවා. බස් එකක් උනත් යනවා. ගුරු පාර කියලා කියන්නෙ පාරේ තාර නැති හින්දා. ඊටත් වඩා ඉස්සර ඉඳන්ම එහෙම කියන හින්දා තමා වැඩියම. උදේ හතට විතර උනත් ගස් වල පිණි බිංදු වේලිලා ගිහින් දූවිලි විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් සමහර ගස් කොළ වල පිණි හින්දා දූවීලි හෝඳන් ගියපු පාරවල් හොඳට පේනවා. ඒ තැන් වල දූවිලි එක කැටියට

කෑම ට්‍රොලිය

Image
උදේම යන්නෙ වෝඩ් එකට කැන්ටිමෙන් කාලා බනිස් ගෙඩියක් ටී එකක් බොනවා තිබ්බොත් තව විනාඩ් පහක් සර් එන්නට කලින් ගන්න ඕනේ හිස්ට්‍රි ඔක්කොම සමහර දවස් වල එක ඇඳේ දෙන්නයි එක කොනෙන් පටන් ගෙන අනිත් කොනට යනකොට පැය දෙක තුනක්නම් යනවා කොහොමත් හැමදාම ඉඳගන්න මොහොතක් ලැබීමත් හීනයක් දැනුන වාර අනන්තයි ඉඳගන්න බිම උනත් නමේ ඉඳන් රස්සාවත් ලෙඩේ හැදුන දවසෙ ඉඳන් වාට්ටුවෙ කරපු දේවලුත් අකුරු වැල් ගැට ගගහා පුරෝනවා පොත් ගොඩක් අහන්නේ එක දෙයක් කියන්නේ එක දෙයක් තරහා ගන්නේ කොහොම සිනාවක් මුව තියන් අහන් ඉන්නවා මිසක් හොඳම හරියයි දැන් එන්නෙ මේ ළඟ ළඟම සර් ඇවිත් තව පැය දෙකක් වාට්ටුවේ වට ගොඩක් අපිට කියු දේවල් සීයලට අමතකයි වෙන මොනවදෝ ගොඩක් සර්ට මුමුණලා කියයි ඉර බැස්සත් නැගෙනහිරින් බැනුම් නැති දවසක් නැතු තරම් දැන්නම් හැමදේම අපිට දැන් පුරුද්දක් එකොළහ පනිද්දි බඩ කැගහන්නෙ කෑම ඉල්ලා කෑ මොර දෙන්නෙ බැරිම තැන බඩ පවා නිස්සද්ද වෙන්නේ තව පැයක් කොහොමහරි ඉවසගෙන ඉන්නකොට එනවා හොඳ සුවඳක් වාට්ටුවෙ කොණකින් මේස පුටු ඇඳවල් බෙහෙත් ට්‍රොලි අතරින් එනවා තව ට්‍රොලියක් ඩක ඩක ග

සීතාවක

Image
ලැබුනොතින් දවසක් යන්න අතීතෙට ගිහින් එන්නට ලැබුනොතින් මොහොතක් හිතේ හිරවුනු හැඟුම් පොදියක රසය ආයෙත් බලා එන්නට ලැබෙන ඒ පොඩි මොහොත වූවත් විඳින්නෙමි යලි නොයෙන අයුරින් වැස්ස කොහොවත් නොතිබු දවසක අතීතයෙ තිබු නැවුම් මොහොතක විඳින්නට අපි ජීවිතේ අඩි තියා අපි තටු සලා අපි ගියේ අපි ඒ මාවතේ මල් පිපී තිබුනද කියාවත් ගස් හැඳී තිබුනද කියාවත් මතක නැත මට ගියත් ගැඹුරට මතක අතරින් රිංගමින්.. ඒත් හඳ කොන එක මලක් හිඳ කතා කෙරුවෙ ආයේමත් මට සුවඳ දෙන්නට ජීවිතේ වැහි බිංදු පිරි අහස් තලයම අපි දිහා හොරැහින් බලා සිහින් මල් පැණි ඉසින්නට වුනි අඳුර තව කොණකින් එවා අපිට අප තනිකර දමා එක්කරන්නට යැයි සිතා පෙනෙන මානෙක පෙනුනෙ මා හට ඔබේ ඒ රුව පමණකී ඇසෙන මානෙක ඇසුනෙ මා හට ඔබේ ඒ හඬ පමණකී එවන් සුන්දර මොහොතෙදී දැනුනේ මට ඔබ පමණකී වැහි බිංදු සැර වෙද්දි අපි අපිට ළං වෙද්දි මට හොරෙන් මගේ හද ගිහින් නුඹේ හදවතට රහසක් කියා මගේ ගත නුබෙ ගතේ වෙළුනේ උණුසුමක් ඇති තැන් සොයා.. සුළං රැලිවිත් වැහි බිංදු ගෙන නුබේ තොල්පෙති තෙමෙන විටකදි ඒ බිංදු වල  රසය සෙවුමට  මගේ තොල් පෙති පැන ගියේ

දුවට දුක කතාවක්

Image
දුව එනවලු තාත්තෙ ගෙදර කැම්පස් එකේ ස්ට්‍රයික් එකක්ලු උදේ පාන්දරින්ම කනට කරලා එහෙම කිව්වාම පැත්තට ගිහින් තිබුන කට තව ටිකක් ඇද කරලා හිනා උනා මතකයි මට ඇඳෙන් කාලක්වත් නැතිව ඇඟේ මස් පොදක්වත් නැතුව වකුටු වෙලා හිටියත් කෝටු උන අත් ගහලා ඇඳට නැගිටින් බලන් හිටියෙ උදේ ඉඳන් රෑ වෙනකන්ම එදා තමයි සතුටුම දවස කොන්දට ඇලුන බඩ යන්තන් පිරුනෙ දුව හින්දා ඒකිගෙ මූණෙ සතුට මාස ගාණකින් දැක්කෙ මම අද දවස් තුනක් ගියත් තාම නෑ කතාවක් හරියකට යමුයි කිව්වාම බෙහෙත් ගන්ඩ ඉන්නම් කිව්වෙ දුව එක්කම අන්තිමටම කැමති උනේ දුව ඉන්නම් කිව්වාම ළඟම රෝද පුටුවෙ තියාගෙන අපි ගියත් වාට්ටුව ළඟටම එන්ඩ උනේ එලියට තනි කරලා දාලා තාත්තව ඔලුව අතගාලා ඇඳේ තියලා එළියට වෙලා හිටියෙ දවසම උදේ හය වෙනකොටම දකිනකොට ඒ මූණ ඉර නොනැග්ගත් මොකද කියලා හිතෙනවා සතුට වැඩිකමට ඇස්වලට කඳුලු ආවේ මූණ පිරිලා හිනා ආවේ ඒ සතුට වැඩිකමට දවස් දෙක තුන ඔහොම ගාට ගාට ආවෙ අපි මූණ දැකලා හිනා වෙන්න වෙනදට කැව බත් ගුලි අද දුන්නත් දිය කරලා වෙනදට ඇඳේම තෙමාගත්තත් දැන් බට දාලා තිබ්බත් අපිට ඕන ඉක්මනට ගෙදර අරගෙන යන්න ඒ ගිහින් ළඟින් තියාගෙන රැක

බටර් පාන් - තෑඟි හම්බුනේ නැති පොඩි එවුන්ට

Image
ඒ නොවැම්බර් මාසේ දාහත් වෙනිදා, ඉරිදා දවසක්. අවුරුද්දක් තිස්සෙම බලාගෙන හිටිය දවස. සති ගානක් තිස්සේ ඇඟිලි ගනන් කර කර හිටිය දවස. ඊයේ උදේ ඉඳන්ම ආසවෙන් බලාගෙන හිටිය දවස. රෑ දොළහ වෙනකන් ඇහැරිලා ඉන්නවා කියලා හිතාගෙන හිටියත් මටනම් නෙමේ ඇහැරුනේ. ඒත් මම හිතන් හිටියෙ වෙන කවුරුහරිවත් ඇහැරවයිද කියලා. එහෙමත් උනේ නෑ. ඉස්කෝලේ යන්නත් නැති උනත් උදේ හයට විතර ඇහැරුනෙ පුදුම ආසාවකින්. ඒ ආසාව විස්තර කරන්න වචන හොයාගන්න බෑ කියලයි තාමත් හිතෙන්නෙ මට. මම නැගිටලා කෙලින්ම යන්න ගියෙ කුස්සියට අක්කයි අම්මයි කුස්සියෙ කතාවක් වගේ කියලා ඇහුන හින්දා කාමරේටම. මම හෙමිහිට අඩි තිය තිය ගියා අත් දෙක පිටි පස්සෙන් බැඳගෙන. සද්දෙ ඇහෙයි කියලා ඇවිද්දෙ ඇඟිලි වලින්. ආසාවයි සතුටයි වැඩි කමට හිනා යන්න ගියත් කට තද කරගත්තා හිර වෙන්නම. ඒත් එක පාරටම පුරුස් ගාලා හිනා ගියා. ඒ සද්දෙ කාටවත් ඇහුනේ නෑ මන් හිතන්නේ. මම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් කුස්සියයි කෑම කාමරෙයි අතරෙ තිබ්බ දොර උළුහව්වට හේත්තු වෙලා බැලුවා අම්මයි අක්කයි මොකො කරන්නෙ කියලා. අක්කා පොල් ගානවා අම්මා මිරිස් ගලේ මොනවද අඹරනවා. මට හිතුනෙම අම්මලා කිරිබත් හදනවා ඇති කියලා. මම සද්දයක් දාන්නෙ න

"නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට..."

Image
මතකද හරියටම අවුරුද්දකට කලින් අද වගේම දවසක පිරුනු නැති හඳ නුවර වැව උඩ තියෙනකොට අපි වැ ව් බැ ම් ම උඩ අත් අල්ලගෙන ගිය හැටි මාළිඟාවට ඇවිද යනකොට දැනුනෙ මට යුද්දෙ අවසන් කරපු රජ ලෙස සීතා ගෙන ආ රාවණා ලෙස ඇවිත් මුල්ලක් හොයන් ඉඳගෙන කණට මිමිණුව හීනී මී පොද තවත් රැව් දෙයි සවන් තුල මගේ වැ ව් බැ ම් ම උඩ ඉන්න මා හට කස ගසද්දී බය වෙච්ච විට මට තුරුල් උන පුංචි සඳ නුඹ සඳ තියෙයි අද අහසෙ වැව උඩ එදා වාගෙම එළිය දීගෙන මට එළිය දුන් පුංචි සඳ නුඹ අදත් ඇත නුඹ එළිය දීගෙන මටම නොවුනත් කාට හරි වෙන ඇවිත් යනවානම් අදත් නුඹ ළඟ නැතත් මට බලන්නට හරි මගෙ කඳුළු නුඹ දකීවී හැංගිලා ඉන්නම් කොහේ හරි හද මගේ හඬ නගාවී නුඹට ඒ හඩ ඇසේවී බෙර හඬන විට මම හඬන්නම් එවිට ඒ හඬ මැකේවී හරිම පාළුයි පෙරහැරම අද ඇයි කියලා මට නොතේරෙයි ඇත්තු හිටියද නොදනිමී මම ඉන්න ඇති යැයි සිතුවෙමී මම ඔබේ සුවඳම පැතූ මාහට තනිය පමණක් ඉතුරු උනි අද හඬන්නට මට කඳුළු නැත සිතන්නට මට ඉඩක් නැත ඔබේ මතකය පිරුනු සිත මගේ දැවි දැවී අද නිවි නිවී යයි නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට වළාකුළු බැම්මට ඇවිත් මම