Posts

Showing posts from 2020

විෂ්ණු දෙවියො ඇවිත් වාට්ටුවට

Image
ඩොක්‍ටර් ! ඩොක්ටර් ! මිස් ආවේ දුවගෙන Patient කෙනෙක් ඇවිත් ඩොක්ටර්  යන්තන් ඉඳ ගන්න හදපු මාව නැගිට්ටුනා එක පාරට ඒ පාර කවුද ? කියාගත්තා මන් මටම පෝලිමටම ලෙඩ්ඩු ඇවිත් නැවතුනේ ටිකකට කලින් කමක් නෑ ආයේ යනවා නලාව ගත්තෙ අතට අහ් මේ පොඩි පැටියෙක්නෙ අමතක උනා මට ඉන්නේ ළමා රෝහලේ කියලා ටිකට් එකේ වැඩ ඉවරද මිස්? මිස් හෝ ගාලා පුරෝනවා කඩදාසී කෝ බලන්න...! චූටි පැටියෙක්  ඉන්නවා තුරුලු වෙලා සුදු පාට රෙද්දකින් එතිලා පේන්නෙවත් නෑ මූණ ඇස්වහ වදියි කියලද මගේනම් ඇස් වහ නෑ ඔන්න කෝ බලමු මූණ..! සුදු රෙද්ද ඇතුලේ හිටිය චූටි සුදු බබෙක් ඇස් යන්තන් පියාන තොල් කට වේලීගෙන හමත් ඇදිලා ගිහින් අමාරුවෙන් හුස්ම අල්ලන් "ඩොක්ටර් " කියලා කතා කලා මොකද උනේ අම්මා දෙන්න බලන්න ඔය පොත් ටික ඔක්කොම කියන්නත් කලියෙන් පිටු හතළිහේ පොත් ගොන්නක් තිබ්බා මගේ අත් දෙකෙන් ළමයාම වගේම අම්මාත් ඇදිලා ගිහින් "මොකද උනේ අම්මා කියන්න බලන්න ආයෙත්.." කොඳරපු වචන ටික ආයේ අහන්නට උනා මට කැස්ස ඩොක්ටර්  දවස් දෙකක ඉඳන් රාංරූං ගානවා කොහොම හිටියත් පපුවේ ලෙඩෙත්  තියෙනවානෙ ඩොක්ටර්  ඔක්සිජන් ටිකක් දෙමු දුම් ටිකකුත් අල්ලමු අම්මා දන්නවනෙ ලෙඩේ හැටි ඉතින් ය

පින් ඇති පුතෙක්

Image
  මුළු ඉස්පිරිතාලෙම පාළුවට ගිහින් මේ වසංගතයත් එක්ක. ඇඳිරිනීතිය දාලා හින්දා පාර ළඟම හොස්පිටල් එක තිබ්බත් කිසිම වාහන සද්දයක් නෑ. වේලාව හවස හතර පහු උනා විතරයි. වෙනදා මේ වෙනකොට හදිසි අනතුරු අංශය කියන්නේ මිනුස්සු කකුල් අතපය කඩාගෙන තමන්ව බලන වාරේ එනකන් ට්‍රොලි වලට වෙලා කෑගගහා පිරිලා ඉන්නවා. එක එක් විදිහේ එක එක වයසේ මිනිස්සු. අදට ඇඳිරිනීතිය දාලා මාස තුනක්, එක් දිගටම. වැඩියම එන්නෙ වාහන අනතුරු නිසා ගෙදර ඉඳන් මිනිස්සු අනතුරු කරගෙන එන්නෙ නැති එකත් පුදුමයක් නෙම්. මම ඉඳන් හිටිය තැනින් නැගිටලා වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු කීප දෙනා මොනවද කරන්නෙ කියලා යන්තන් බලාගෙන කොරිඩෝව දිගේ ගියේ පාර දිහා බලන්න. වාට්ටුවෙ දොර ගාවින් යද්දිම තමා මෙච්චර වෙලා ඔළුව මේසේ තියන් හිටිය වාට්ටුවෙ මිසුත් ඔලුව උස් කරලා බැලුවේ. නිදාගෙන ඉන්න ඇත්තෙ කියලා මන් මටම කියාගෙන ඉස්සරහට ගියා. වාට්ටුවත් එක්ක තියෙන කොරිඩෝවෙ පොඩ්ඩක් ඇවිත් ආයේ දකුණට හැරුනාම තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ හොස්පිටල් ඇතුලට එන ලොකු දොර ළඟට යන්න. හදිසියේම එළියට එන්න හිතුනේ ඇයි කියලා මටවත් මතක නෑ. මම හිමිහිට දොර දිහාට ගියේ කම්මැලිකමයි ඇඟට දැනුන විඩාබර ගතියයි හින්දා පොඩ්ඩක් අත දෙ

මනමේ

Image
වලේ එක කෙලවරක අයිනේම පේළියක පිණි බිංදු වැටුන ඒ සීතලම සැදෑවක... නුබේ කෙස් කැරළි විත් මගේ ගෙල කිති කවපු තරමටම ළඟට වී... නුබේ උණුසුම් සුසුම් සීත රැලි පරදවා උණුසුමෙන් මගේ මුවේ ගැටෙන්නට ළඟටවී.. මතකද අපි බැලුවා මනමේ... වැදි රජා විත් කඩුව අරගෙන පැන්න වේලේ කුමරු පැත්තට බයට ගැස්සී අතක් අරගෙන ඉන වටෙන් දා තුරුලු වී උරහිසෙන් නුඹෙ මුහුණ තියලා ළඟට ආහැටි තාම මතකයි ඉවර උන විට නාට්‍යය අතින් අල්ලන් ඇවිද ගොස් හිල්ඩා කුමරිට බාරදී පාරේ නොපෙනී යනකම්ම මන් නුඹ හිටියා දොරකඩ වෙලා කවුද හිතුවේ මුලින් බැලු ඒ කතාවම ඇත්තක් වෙයි කියා මට වඩා වැදි රජ හොඳයිනම් තරඟ කරලා කුමක් ගන්නද ගිලිහිලා ගිය මලක් නටුවෙන් නෑ එන්නෙ යළි ගස සොයාගෙන වලට ආයෙත් එනවා මනමේ  මනමේ කුමරිය වෙයි ආයෙමත් නුඹ දැන් මම වලේ එක් කෙලවරක පිණි බිංදු වැටෙනා සැදැවල් වල කලින් හිටියට අනිත් පැත්තේ පේළියක අයිනේම ඉඳ නුඹේ කෙස් ගස් සුළඟකින් විත් වැටෙන දුරටත් එහා ඉඳගෙන.. බලනවා මනමේ  කුමරුත් නෙමේ මම වැදි රජත් නෙමෙ මම ඒත් නුඹනම් තවම එතැනයි වැදි රජෙකු හට තුරුළු වීගෙන..

රතු කිරිබත්

Image
එ ළියෙ වහිනවා හොඳටම. ටිකක් විතර දියසෙවෙල් බැඳුනු කාලෙත් එක්කම පරණ වෙලා ගිය වීදුරු දාපු ජනෙල් පියනෙන් යන්තන් එළියෙ වතුර බිංදු වැටෙනවා පේනවා. ඇඳට වෙලා කොට්ටෙ බිත්තියට හේත්තු කරන් අත් දෙක එකතු කරලා ඔළුවට පිටිපස්සෙන් තියන් මම ඔහේ බලාගෙන ඉන්නවා. රස්නයක් නැති උනත් සීලිං ෆෑන් එක හෙමිහිට කැරකෙනවා. මම එහෙම්ම ඇඳෙන් නැගිටලා ගියෙ ජනේලෙ ගාවට. ජනෙල් දෙක ඇරලා එළිය බලනකොට තමා දැක්කෙ හිතනවට වඩා ලොකු වැස්සක් තමා වහින්නේ කියලා. දෙවැනි තට්ටුවෙ ඉන්න හින්දා හුළං එක්කම වැහි බිංදු එනවා කාමරේට. මම මූණට වැටුන වතුර බිංදු දෙක තුනක් අතින් පිහදැම්මෙ පොඩ්ඩක් සීතල දැනුන හින්දා. කට කට ගාලා සද්දේ දාන ෆෑන් එකත් ඕෆ් කරලා මම ලෑස්ති වෙන්න ගත්තේ වාට්ටුවට යන්න. මේ පාර අප්‍රේල් අළුත් අවුරුද්දට වාට්ටුවෙ නතර  වෙන්න උනේ මට. ගෙදර යන්න ඕනේ කමක් තිබ්බත් අවුරුදු ඕන තරම් මග ඇරිලා තියෙන හින්දා බෑ නොකියා නැවතුනා මේ පාරත්. මම ලැහැස්ති වෙලා නලාවත් කරේ දාගෙන බැස්සේ පහළට. මඟක් යද්දි තමා කුඩේ මතක් උනේ. ආයෙමත් ඒකත් අරන් වැස්සෙම එළියට අඩිය තිබ්බා. පොඩි පොඩි වතුර පාරවල් එකතු වෙලා ලොකු වතුර පාරවල් වෙලා බහිනවා පහළට. ඔක්කොම් වතුර එන්නේ වෛද්‍ය නි

ඇයි උඹ යකෙක් උනේ

Image
- ඇයි උඹ යකෙක් උනේ - කැම්පස් එන්න කලින්ම  උඹ ගැන ඇහිලා තිබ්බා හිතුවේ නෑ උඹ මෙච්චර ලස්සනයි කියලා මෙච්චර හැඩකාරයි කියලා උඹ කළු උනාට  ඒ කළුත් හරි ලස්සනයි උඹේ හයිය නෑ කා ගාවවත් ආදර රහස් කොඳුරලා කියද්දි ඇහුනේ නෑ වගේ හිටියට උඹ හිනා වෙන්න ඇති උත්තර ටික හිර කරන් තද අරන් ඉන්න ඇති උඹ සසල වෙද්දි  අපිට උනේ අයින් වෙන්න උබ නිසල වෙද්දි අපට දුන්නේ ඉඩක් යන්න ආපු දවස් වල තිබ්බ පොඩි ෆෝන් එකෙන් උනත් අපිට ඕනේ උනේ උඹව ෆොටෝ එකට ගන්න ඒවා හරි ලස්සනයි  කොයි පැත්තට බැලුවත් ආදරවන්තයෝ ඇවිත් යනවා සමහරු උන් දිහා බලන් යනවා තවත් උන් අහක බලනවා ඒත් උඹට මේ හැමදේම පේනවා ඇයි උඹ යකෙක් උනේ උඹ කළුයි තමා හරි දැවැන්තයි හරි හයියයි එහෙම උනාම යකෙක් වෙනවද අද කුරුළු ජෝඩුවක් ඇවිත්  හෙට තනි කුරුල්ලෙක් එනවා අනිද්දා උබට බිලි වෙනවා අන්න එදාට මිනිස්සු කියනවා යකා කුරුල්ලව බිලි අරන් කියලා ඔහොමද උඹ යකෙක් උනේ කාගෙවත් වරදට කාගෙවත් පවකටද ඇයි උඹ ගොළු උනේ කතා කරපන්, අවදි වෙලා කියපන් "මම නෙමෙයි වැරදිකරු" "මම නෙමෙයි යක්ෂයා" "මම නිර්දෝශියි" "මම නිවැරදියි" ඒත් එදාටත් මිනිස්සු කියයි "අන්න යකෙක් කතා කරනවා&qu

දෙමලිච්චි

Image
දවසම වැහැලා යන්තන් පෑව්වා විතරයි. ඔළුව තියන් ඉන්න කොට්ටෙට යටින් අත් දෙක දාන් වහලේ දිහා බලන් ඉන්න මට දැන් ඇහෙන්නේ යන්තන් පොද වැටෙන සද්දේ විතරයි. ඒ වැහි පොද එන්නේ වහලෙට ගොඩක් උඩින් තියෙන වලාකුළක ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. සමහර විට ඈත තියෙන වලාකුළක ඉඳන් පහලට වැටිලා හුළඟට ගහගෙන ඇවිත් වහලෙට වැටෙනව ඇති. ඒකත් හරියට ජීවිතේ වගේ. එක තැනක ඉපදිලා තව තැනක වෙනත් මිනිහෙක් විදිහට මැරෙනවා. මම තාමත් වහලෙ දිහා බලාගෙන ඉන්නවා. පොඩි කාලෙනම් වහලේ තිබ්බෙ උළු කැට. දැන් තියෙන්නෙ අළු පාටයි සුදු පාටයි කලවම් වෙච්ච පාටක් තිබ්බ ඇස්බැස්ටෝස් ශීට්ස්. ශීට්ස් වලට ඇකමති උනාට මොනවා කරන්නද ? මේ මන් සල්ලි ගෙවලා ඉන්න කාමරේ. අයිතියක් නැ මට වෙනස් කරන්න. මේවා හිත හිත කොට්ටේ යටින් අත් ගත්ත මන් ඇඳ උඩ ඉඳගත්තේ රෑට කෑම ගේන්න පහළ කඩේට යන්න. වේලාව තාම හය උනෙත් නෑ. ඒත් ඉක්මනට ගිහින් එන්න හිතුනෙ තව පරක්කු උනොත් අර වලාකුළු වලින් පොද වැහි වෙනුවට ලොකු වැහි වහියි හින්දා. මම මූණ විතරක් හෝදගෙන එලියට ආවා. පහළට බහින්න කලින් පොඩි බැල්කනි කෑල්ලට වෙලා බලන් ඉන්ඩ හිතුනා එළිය දිහා. හන්තානේ තියෙන කඳු වල මුදුන් ටික විතරක් සුදු පාට මීදුමෙන් වැහිලා

කරපිංචා

Image
වේලාව හවස හතර පසුවී ගොස්ය. පහළ මළුවේ සක්මන් කරමින් සිටි සෝරත තෙරණුවෝ බුදු කුටිය ඇති ඉහල මාල දෙසට ඇති පඩිපෙල නගින්නට පටන් ගත්තෝය. කුරුළු ජෝඩුවක් ශබ්ද නඟමින් බෝධිය දෙසට පියඹා ගියේය. බිම බලාගනිමින් පඩි හතරක් උඩට නැගි උන්වහන්සේ ඉතිරි පඩි කිහිපයට ඉහල ඇති මළුව දෙස බැලුවේ පන්සලේ සුදු පූසා තෙරණුවෝ එනතුරු බලාසිටිමින් ශබ්දයක් නැගූ නිසාවෙනි. ඌ පඩිපෙලේ අත් වැටේ දැවෙටෙමින් විටෙක මළුව දෙසත් තවත් විටෙක තෙරණුවෝ දෙසත් බලයි. සෝරත තෙරණුවන්ට මෙය පුදුමයක් නොවන නිසා නැවතත් බිම බලා ඉතිරි පඩි කීපය නැග අවසන් කලෝය. උන්වහන්සේ උඩට එත්ම පූසා තෙරණුවන්ගේ කුටිය දෙසට ඇවිදන් යන්න පටන් ගත්තේය. "ශාන්ත.. උඹටත් ඉතින් වෙන වැඩක් නැහැනේ.. වරෙන් මාත් එක්කම යන් එහෙනම්.." තෙරණුවෝ ඒ සුදු පැහැ විශාල බළලාව එක් අතකින් ගෙන දරුවෙක් හරහට ගන්නා සේ උරයේ තබා ගත්තෝය. ශාන්ත පන්සලට පැමිණියේ මීට මාස කීපයකට පෙරය. ඒ සමඟ සිටි බැළලී පන්සලේ බල්ලා විසින් මරා දැමූ හෙයින් ශාන්තිනී නම් වූ බැළලී මාස දෙකකට කලින් නැති උනේය. එදා සිට සොරත තෙරණුවන්ගේ දුකටත් සැපටත් සිටියේ මේ බළල් තඩියා වේ. ඌ එන්න එන්නම මසගොබ දමමින් ඇඟ ලොකු වෙන්නේ හාමුදුරුවන්

කරච්චි

Image
"පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති. මේ වන විට කරච්චි නුවර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ප‍්‍රභූවරුන් වෙඩි නොවදින මෝටර් රථ භාවිතා කිරීමට පෙළැඹී ඇතැයි ද වාර්තා වේ. මිලියන 18 ක පිරිසක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙරය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.." මේ ලංකාදීප පත්තරේ කරච්චි නුවර සිදු වෙන දේ ගැන ලියා තිබූ සටහනක්. දවස් ගානක් එක දිගට වැඩ කරලා විවේකයක් හම්බ උන දවසේ හවස තේ එකත් බොන ගමන් මන් පත්තරේ කියවන්න පටන් ගත්තෙ. කරච්චි නගරයේ මේ ලිපිය කියවද්දි මට මුළින්ම මතක් උනේ ලංකාවේ තිබ්බ යුද්දෙ ගැන. යුද්දේ කාලේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බෙ නැතත් යුද්දේ ඉවර වෙන කාලෙනම් අපි හැමවෙලේම අවදියෙන් හිටියෙ. මුලින් යුද්දෙ ගැන හිතුන හින්දා කියෝන එක නවත්තලා ඇස් දෙක පියාන ඒ කාලේ ගැන මතක් කලා මම ටිකක්. මතක් කරගෙන යද්දි පොඩ්ඩක් හිත තැති ගත්තත් ද

දේවතා එළි

Image
ඉස්කෝලේ නිවාඩු දීලා දවස් කීපයක් ගත උනා විතරයි . නිවාඩුවට කලින් කරන්නම් කියලා හිතන් හිටිය සෑහෙන දේවල් කරගන්න බැරි වෙන විදිහක් තමා දැනිලා තිබුනේ මට. මොනා උනත් දරුවො දෙන්නව ගමට එක්කන් යන එකනම් කොහොම හරි කරන්න ඕනේ කියන එකනම් ස්ථීරවම හිතේ ඇඳිලා තිබ්බා. හවස හතරට විතරට සාලෙට වෙලා නිමන්ති හදලා දුන්න තේ එක බිබී මම මතක් කලේ පොඩි කාලේ අපි ඉස්කෝලේ නිවාඩුවට කරපු දේවල්. දැන් අවුරුදු තිස්පහ පනින්නත් ඇවිල්ලත් තාම ඉස්කෝලේ යන්නෙ ගුරුවරයෙක් වෙන්න තිබ්බ ආසවටත් වඩා කැම්පස් ඉවර උන ගමන්ම පිනකට වගේ ජොබ් එක හම්බුන හින්දා. මම වර්තමානෙන් අතීතෙටත් අතීතෙන් වර්තමානෙටත් මාරුවෙන් මාරුවට තප්පරෙන් තත්පරේට පැන පැන එක වෙලාවකදි අනාගතේ දිහාටත් ගිහින් තේ එක බීලා ඉවර වෙද්දි ආයෙමත් වර්තමානෙට ආවා. නිමන්ති දැන් රස්සාවක් කරන්නේ නෑ. බබලා දෙන්නා හම්බුනත් එක්කම රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කිව්වේ මමමයි. ඒ නිවුන්නු දෙන්නෙක් බලාගන්න එක ලේසී පහසු දෙයක් නෙමේ හින්දා. දැන් දෙන්නම ඉන්නෙ මගේ ඉස්කෝලේ හය වසරේ. එළියේ සෙල්ලම් කරන හැටි පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් දාලා බලලා තේ කෝප්පේ අතට අරන් යන්න පටන් ගත්තා කුස්සිය දිහාට. නිමන්තී උයන්නත්