Posts

Showing posts from May, 2016

මකුළු අම්මා

ඇඳේ ඉඳන් උඩ බැලුවාම හැමදාම පෙනුනෙ ඌ වියපු දැල කොච්චර අයින් කලත් ආයෙත් වියන්නේ හිතේ හයියට කොස්ස අරන් එනකොටම හරි පරිස්සමෙන් හැමදාම හැංගුනාට අද උදේ අවසන් ගමන . . . හවස ඇවිත් උඩ බලද්දි දැක්ක දෙයින් පපුවෙ තෙමුනෙ ලොකුම ලොකු බිත්තරයක් පරාලෙක කොනක ඉදන් කිසි දෙයක දන්නැතුව හැංගිලා පරිස්සමට . . . නෑ නෑ හංගලා පරිස්සමට

කලාමැදිරියේ

අහස් කුස යොදුන් දිග තරු ඇතත් දුර නොපෙනෙනා ඉම මට දැනුනු ඒ මා වසඟ කළ ඒ කළාමැදිරියේ උඹ තාම මාගේ හදේ අහසේ පියාසලන්නී මුකුලිත ගමනින් ඔබට නොකියූ ඔබට නොගැයූ කවිය හද තුළ සිර වෙලා මගේ කෑගසයි හිඳ ඔබ පෙනෙන විට කියාපන් ඒ කවිය උඹ හට සවනකට උඹෙ දෙතොල් ළං කර ගියූ දුරදිග මැනූ පියමන් උඹට පසෙකව අනෙක් උන් මැද ගොළු හඬින් උඹෙ රුව සොයන විට උඹත් ගොළු වී ඇතැයි සිතුවද මට කලින් උඹ මා සොයා ඇත වෙන්ව යන්නට මොහොතකට පෙර පැවසුවාවූ ඒ කතාවේ උඹත් තරුවකි මාත් තරුවකි නොසෙල්වෙන්නට දිවි තිබෙන තුරු දිවුරුමක් උඹ ඉතිරි කෙරුවත් කලාමැදිරියයි තාමත් උඹනම් තරුවක්ව ලෙස ඉන්න මා හට

සුගන්ධිකා

“ටීච ටීච... අදත් සුගන්ධිකා කෑම ගෙනත් නෑ දවල්ට..” සුගන්ධිකා මුල්ලකට වී ඇගිල්ලක් හපන විට කෑම එකත් අරන් එලියට බහින්ඩ හදන සිරියාවතී ටිචගේ මුණ ඇඹුල්උනේය.. “ඇයි ළමයෝ හැමදාම කෑම ගේන්නේ නැත්තේ ? අනිත් ළමයින්ට කෑම දෙන්ඩ බැනේ හැමදාම..” සුගන්ධිකා වේදනාත්මක හැගීම් කිහිපයක් ගිල ගත් අතර හදවතේ කෙලවරේම තිබුන හිනාව මුණටත් හද පිරෙන්ඩ තිබුණු හයිය මුවගටත් අරන් ටීච ළගටම ඇවිත් කතා කලාය. “අදත් උදේ ගෙදරින් ගෙනාපු කෑම එක මගදී කෑවා ටීච.. බඩගිනි නෑ දැන්.. ” සුගන්ධිකාගේ වචන ඉවර වෙන්ඩත් කලින් ලලිතා මුණට කඩන පැන්නාය. “අහ් එහෙමද ? අනේ යනවා යන්ඩ ඕයි..බඩගිනි නැත්තන් බලන් ඉන්නේ මොකටද අපි කන දිහා ?.අම්මා කිව්වා අපේ බඩත් රිදෙයි කියලා..” ටිචගේ නපුරු බැල්මෙන් ලලිතා පසු බහිද්දී සුගන්ධිකා ටීච පස්සෙන් ඇදිලා ගියේ ඇසින් කල සන් කිරීමට ඉක්මන් ප්‍රතිචාරයක් ලෙසය. “යමුකෝ අපි කැන්ටින් එකට..මටත් පරක්කු වෙනවා ළමයා..” මීටර පනහක දුරින් කිලෝමිරටරයක ප්‍රයෝජන ගත්ත සිරියාවතී ගුරුතුමී සුගන්දිකාගේ ජිවිත කතාව අතැබුලක් සේ දැන ගත්තාය. “ආයේ උදේ කෑව කියලා බොරු කියන්ඩ එපා. මන් කෑම දෙකක්ම අරන් එන්නම්..’ ඒ ටිචගේ අන්තිම පිළිත

සුළග නුඹ වගේ

වෙලාව නමය හමාර පහුවෙලා තිබුනේ මගේ හිතේ.වැඩත් ඉවර වෙලා බෝඩිමට යන ගමන්.පොඩි පොඩි හිත් අමාරුකම් එක්ක දවස ගෙවුන හින්දදෝ ඇවිදගන්නත් අමාරුවෙන් හිමිහිට අඩි තියනවා.ඊටත් වඩා දවසම කිව්වේ අද රෑට පයින්ම යන්ඩයි කියලා.ටික දුරක් නෙමේ මුළු රෑම උනත්.එහෙමයි කියලා බෝඩිමට නොයා ඉන්ඩ තැනකුත් නැති හින්දා ඒ පාරම තෝර ගන්ඩ උනා මට. පාරේ මිනිස්සු අඩු වෙයි කියලා හිතුවට දවල්ටත් වඩා උන්නා මගේ හිතේ.උන්ගෙන් මිදිලා.ගඟේ පාලම උඩින් එහා පැත්තට ගියේනම් අමුතුම සතුටකින්.ඒ මන් එතනට ගොඩක් ආසා හින්දා වෙන්ඩැති.උඩින් යනකොට ගඟේ වතුර පේනකොට පනින්ඩ හිතෙන තරම් සතුටුයි.කකුල් පැටලිලා හරි ගඟට වැටෙයි කියන බයෙන් අඩියට දෙකට එහා පැත්තට ගොඩ උනා.ඒ පැත්තෙත් හරියට පොළක් වගේ පැත්තක් මාළු ලෑල්ලක් වගේ.ඉන්න මිනිස්සු වැල්ලේ මිනිස්සු වගේ.සමහරු කට ගොන්නක් බීලා.පොඩි කොල්ලෝ කුරුට්ටො සිගරැට් එක කටේ ගහන් හැන්ගෙන්ඩ තැන් හොයනවා.කිසිම නිදහසක් නින්දක් නැති ඒ පොඩි දුරෙන් නිදහස් වෙලා තනියම යන වාහනත් නැති කලබලත් නැති පාරට ආවා දන්නෙම නැතුව. ෆෝන් එකේ බැටරි බැහැලා තිබ්බ හින්දා වෙනදා වගේ හෑන්ඩ් ෆ්‍රී එක ගන්නෙවත් නැතුව ඈත අහසේ තරුවක් දිහා බලන් යනවා වගේ කල්පන

සමනලී

ඉරට දිලෙන පිණි බිඳුවක එහි මතුපිට ඇවිදින සඳ පය පැකිළී ගිලෙනා විට අල්ලන්නට අත දෙනු මැන.. මල් තටුවක ඉඳගෙන මම ඔබ ළඟටම පියඹනු ඇත පිණි බිඳුවෙම පිහිනා ගෙන මලේ සුවඳ විඳ ගනු මැන..

ඉරයි හදයි ඔහුයි ඇයයි

Image
කදු මුදුනේ ඇය නැතුවට තරු වට කර දිලිසුනාට කදු මුදුනේ ඉන්නා විට ඇගේ එලිය දැනෙනවා මට රෑ අහසේ ඔහු නැතුවට සයුරේ ගිලී නොපෙනුනාට දිලිසෙන ඒ පුර හද වට තිබුන එලිය අයිති ඔහුට