සුගන්ධිකා



“ටීච ටීච... අදත් සුගන්ධිකා කෑම ගෙනත් නෑ දවල්ට..”
සුගන්ධිකා මුල්ලකට වී ඇගිල්ලක් හපන විට කෑම එකත් අරන් එලියට බහින්ඩ හදන සිරියාවතී ටිචගේ මුණ ඇඹුල්උනේය..
“ඇයි ළමයෝ හැමදාම කෑම ගේන්නේ නැත්තේ ? අනිත් ළමයින්ට කෑම දෙන්ඩ බැනේ හැමදාම..”
සුගන්ධිකා වේදනාත්මක හැගීම් කිහිපයක් ගිල ගත් අතර හදවතේ කෙලවරේම තිබුන හිනාව මුණටත් හද පිරෙන්ඩ තිබුණු හයිය මුවගටත් අරන් ටීච ළගටම ඇවිත් කතා කලාය.
“අදත් උදේ ගෙදරින් ගෙනාපු කෑම එක මගදී කෑවා ටීච..බඩගිනි නෑ දැන්..
සුගන්ධිකාගේ වචන ඉවර වෙන්ඩත් කලින් ලලිතා මුණට කඩන පැන්නාය.
“අහ් එහෙමද ? අනේ යනවා යන්ඩ ඕයි..බඩගිනි නැත්තන් බලන් ඉන්නේ මොකටද අපි කන දිහා ?.අම්මා කිව්වා අපේ බඩත් රිදෙයි කියලා..”
ටිචගේ නපුරු බැල්මෙන් ලලිතා පසු බහිද්දී සුගන්ධිකා ටීච පස්සෙන් ඇදිලා ගියේ ඇසින් කල සන් කිරීමට ඉක්මන් ප්‍රතිචාරයක් ලෙසය.
“යමුකෝ අපි කැන්ටින් එකට..මටත් පරක්කු වෙනවා ළමයා..”
මීටර පනහක දුරින් කිලෝමිරටරයක ප්‍රයෝජන ගත්ත සිරියාවතී ගුරුතුමී සුගන්දිකාගේ ජිවිත කතාව අතැබුලක් සේ දැන ගත්තාය.
“ආයේ උදේ කෑව කියලා බොරු කියන්ඩ එපා. මන් කෑම දෙකක්ම අරන් එන්නම්..’
ඒ ටිචගේ අන්තිම පිළිතුර විය.
“කමක් නෑ ටීච මට එච්චර බඩගින්නක් නෑ..”
“එහෙම කියලා බෑනේ කන්නේ නැතුව ඉන්ඩ හොද නැනේ..”
සිරියාවත් ටීච එහෙම කිව්වත් සුගන්ධ්කා දෙස හොරෙන් බැලු ඈ අවුල් වූ හිසකෙසුත්, කළු හමත්, පුෂ්ටිමත් බාහුත් සහ වයසට කිසිසේත්ම නොගැලපෙන දේහදාරී පෙනුම ඇයව යම්තාක් දුරට බියපත් කළා මෙනි.
“අම්මෙහ් මේවට තමා කියන්නේ ස්වභාව ධර්මයේ අනුවර්තන..” මුවගට හිනහවකුත් අරන් ඇය තමන්ටම කියා ගත්තාය.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය