අතුරුදහන් වී ඇත- සොයා දෙන්න




 සිඟිති ළමෝ දුව පැන පැන පාසල් ගිය අඩි පාරේ
පාර හරහා වැටී තිබුන දිය උල්පත් කොයි
ගල්පොත්තෙන් ඇවිදින විට පය ලිස්සා බිමට වැටුන
කොළ පාටට වැවිලා තිබුන පාසි සෙවන කොයි
 තුරු වදුලේ හැංගෙන විට අත් සීරී තුවාල වුනු
 පාට පාට මලි පිරිච්ච බාලොලියා කොයි
ඈත ක්ෂිතිජ ඉම මායිම තරම් දුරට අපට පෙනුන
අහස් ගගුලේ පැතිර තිබුනු වලා රැල්ල කොයි...

 ගම මැද්දෙන් වැටී තිබුනු සිසිල පිරුනු දොළ පාරේ
උඩ පැන පැන සෙල්ලම් කල මාළු පැටව් කොයි
අහස සිඹින උසට සැදුනු පෙලට තිබුනු සපු පේලියේ
මල් සුවදේ රොන් ගන්නට පැමිනි බඹරු කොයි
පොලෝ තලේ වහන් හිටපු පිණි තැවුරුනු තණ පිටියේ
අඟර දඟර නැටුම් දමපු හා පැටියෝ කොයි
 පාර අයිනේ බෝ ගස මත කොළ වැටෙද්දි කූඩු පෙනුන
 නිතර දැකපු සද්ද දමපු කපුටු පැටව් කොයි...

රොත්ත පිටින් දුවන් ගිහින් තරඟෙට දුව පැන පැන අහුලපු
ඇඹුල් පිරුනු පල හටගත් සියඹල ගස කොයි
දහස් යොදුන් දුරට යෙදුනු පාර දිගේ මහා දවාලේ
 පිය මනිනා විටදි දැනුනු සිසිල් සුවද කොයි
නිවාඩු දුන් දවසේ කලින් ඇදිරි වැටෙන තුරු හැමෝම
ගස් මාරුව සෙල්ලම් කල පොල් රුප්පා කොයි
 මේ සියල්ලේ සතුට විඳපු යුගයක අවසන විඳගත්
මාත් එක්ක පාසැල් ගිය යහළුවෝ අද කොයි...



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය