තාත්තා

රේල් පාර ළග පාරක 
කෑම පෝලිමේ ඉන්නට
පාර හරහා මම දුවද්දී 
පෙනුනා සුන්දර දසුනක්

අවුරුදු හතරක දරුවෙක්

රේල් පාර ළග පාරේ
කාත් කවුරුවත් නැතිලෙස 
පියමැන්නා අඩි හතරක්

මොහතක් මා නැවතුනේ 

අනතුරු අත ළඟ නිසයි 
තත්පර හතරක් මේ ලෙස 
ගෙව්වා මා ඒ වෙනුවෙන්

ඔහුගේ පාට ලොකු ඈයෙක් 

 අඩි හතරට එතනට පැන 
හතරැස් වූ කළු මූනෙන් 
බැල්ම හෙළුවා පොඩි ඈයට

සිනාගොඩයි සුපුෂ්පිතයි 

තිබු අඩි පස්සට ගනිමින් 
නැවති බැලුව ඒ වේලාවේ 
කඳුලු ආවෙ මගේ ඇහින්

හනිකට අත්ලෙන් අල්ලා 

ඉන වට තව අතක් යවා 
උස්සාලා කර මුදුනට 
ගමන් කලා අනිත් පසට

කළු මුහුනේ සුදු දත් ටික 

පෙනුනේ ඈත මම හිටියට 
තව තත්පර හතරක් මම 
 බලන් හිටියා යන දිහාව

පොඩි ඈයා උඩ පැන පැන 

දගලනවා ඒ කර උඩ 
ලොකු ඈයා පියමැන මැන 
නොපෙනි ගියා දුර පාරේ

මා හද දුක් වූ වෙලාව 

මොහොතක් නැවතුනු වෙලාව 
දහක් මතක් වූ වෙලාව
කදුලු ආපු ඒ වෙලාව

ඇස් හතරක් ඔවුන් සතුය 

මට ඇත්තේ ඇස් දෙකක්ය 
ඒ දසුනට සමු දීගෙන
පිය මැන්නා මන් අහකට

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය