කලාමැදිරියේ

අහස් කුස යොදුන් දිග
තරු ඇතත් දුර නොපෙනෙනා ඉම
මට දැනුනු ඒ මා වසඟ කළ ඒ
කළාමැදිරියේ උඹ
තාම මාගේ හදේ අහසේ
පියාසලන්නී මුකුලිත ගමනින්

ඔබට නොකියූ ඔබට නොගැයූ
කවිය හද තුළ සිර වෙලා මගේ
කෑගසයි හිඳ ඔබ පෙනෙන විට
කියාපන් ඒ කවිය උඹ හට
සවනකට උඹෙ දෙතොල් ළං කර

ගියූ දුරදිග මැනූ පියමන්
උඹට පසෙකව අනෙක් උන් මැද
ගොළු හඬින් උඹෙ රුව සොයන විට
උඹත් ගොළු වී ඇතැයි සිතුවද
මට කලින් උඹ මා සොයා ඇත

වෙන්ව යන්නට මොහොතකට පෙර
පැවසුවාවූ ඒ කතාවේ
උඹත් තරුවකි මාත් තරුවකි
නොසෙල්වෙන්නට දිවි තිබෙන තුරු
දිවුරුමක් උඹ ඉතිරි කෙරුවත්
කලාමැදිරියයි තාමත් උඹනම්
තරුවක්ව ලෙස ඉන්න මා හට

Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය